Feb 29, 2012

බඩගිනි සිතුවිලි...

මෙලෝ සිහියක් පතක්
නැතුව ...
දවාලක් රැයක්
වගේ වගක්
නැතුව..
අපේ උන්දැ
නිතර දෙවේලේ,
රිංගන ... ගුබ්බෑයම
FACE BOOK ......

Feb 25, 2012

පෙම්වතිය සහ පැට්‍රොල්

උඹත් හරියට
දවස ගානේ ගණන්
උස්සන...

හිතක් පපුවක් නැති ..
මට ගින්දරම දෙන ...

හැම තිස්සෙම
ඇවිලෙන්න බලන ...

ඇතුවත් බැරි .. නැතුවත් බැරි
පැට්‍රොල් .. වගේ ...

Feb 23, 2012

ජුලියට් තනිවෙලා ...

සද එලිය යට...
ගැහෙන මයේ හිත .......
සීතලම .. සීතලට
හමා යන ..සුළන් රැලි ....
පාරවයි ..හිත තවත් ....
තවම නුඹ නැ ...
ගිනි ගහන .. දවාලෙත් ...
පොදි කන .. මහා සෙනග
අස්සේ ...
මම සෙව්වේ ..
නුබේ රුව ....
එක .. එකා රැස් කමින්...
ඇවිත් යයි .. මුමුනමින් නෙක විවිද
කතන්දර .....
මම, ගොළු වෙලා ..
කියා ගන්න බැරි නිසා ....
පෙම් බැන්ද හැටි මම නුඹට..
නුඹ මට ද ...


රෝමියෝ ....


නුඹ නැතුව ..
තනිවෙලා .. මම
මේ සදලු තලයෙන් .. පහල ....

Feb 20, 2012

ටිකෙන් ටික .. අපි ආවද මේ තරම් දුර ......

මචන් , මොකෝ කරන්නේ.. BUSY ද? මේ උබ හෙට මොකද කරන්නේ , නිවාඩුනේ,
ඇයි හු....... හෙට පෝය... උබ පන්සල් යනවද? 
හි හි හි ....... විහිළුවක් බන් කලේ,,,
මොකද කියන්නේ හෙට සෙට් වෙමු .... ,
හරි හරි බන් .. ඒවා වහපුදෙන් .. අපි ළඟ බඩු STOCK , මේ වරෙන් අපේ දිහා .. අරුනුත් එනවා කිව්වා ... ,
BITE ඔක්කොම හරි, උබලට ඕන මොන devel ද අපේ වයිපරේට කියල හදවල තියන්නම් ....
මේ මට අමතක උනා doca ට බොන්න බියර් ගන්න පුලුවන්න්ද උබට ... මතක් කරලා හවසට අරන් තියා ගනින් ....
එහෙනම් හරිනේ ... වෙලාවට වරෙන් ...
අඩෝ එක නෙවෙයි ..
උබ අරුගේ song එක ඇහුවද ... අරුගේ බන්..
ගයාන් ගේ.. ටිකෙන් ටික ද මොන ..... ද කියලා ..
මමත් හරියටම ඇහුවේ නෑ බන් ... FB එකේ දැක්කා ..
අඩෝ ඌ කොහොමද බන් එහෙම කරන්නේ.. ,
.........ව එල්ලන්න ඕන.. ඇයි බන් මේක බෞද්ධ රටක් නේ ....
ඌ කොහොමද එහෙම කරන්නේ කැ .........,..
හරි හරි බන් ... හෙට සෙට් වෙමු ....
ඔන්න මතක ඇතුව අරුට බොන්න බියර් අරන් වරෙන්...


අදම ගනින් .. හෙට පෝය නිසා බඩු නෑ ....


(මේ ටික කියවල ... මට බනින්න එපා, මම සිංහල බෞද්ධයාට අපහස කළා කියල, මගේ තුන් හිතකවත් එහෙම නෑ... එත් සමහර විට තිත්ත ඇත්තයි ... ඇත්ත තිත්තයි .....)

Feb 16, 2012

තද කර ගත්තු පටි ...

තද කර ගත්තු පටි ...
දේශප්‍රේමය නිසාවෙන් ,
තද වෙලා . හිර වෙලා...
පසාරු කරගෙන ගිහින්...
බඩ බොකු ... අක්මාව ..
පෙනහළු ....  අමාශය,
හැම දේම ... තදවෙලා පුපුරන්න තරමටම ...
එත්
අපි තවම ඉවසගෙන .. බලාන ඉන්නවා..
අපි...


දේශප්‍රේමියෝ නිසාවෙන් ....

Feb 10, 2012

මට ජීවිතය කියල දුන්නේ මගේ අයියා  , එයා දවසක් මට මෙහෙම කිව්වා ....

'අපි හැමෝම වේගයෙන් දුවනවා, හිතන්නේ නෑ, කල්පනා කරන්නේ නෑ, එහෙම දුවලා දුවලා හති වැටුන දවසක මැරෙන්න මොහොතකට කලින් හරි අපි නවතිනවා ..., එදාට අපි කරපු සමහර දේවල් වලින් ඉතිරි වුන පසුතැවීම විතරක් අපිව හොයා ගෙන එනවා ... එකෙන් ගැලවිලා අපිට දුවන්න බැහැ ........'

එත්
මම දුවනවා,
තවම දුවනවා,
සමහර
වෙලාවට මට අයියා  කියපු
දේ ආයෙමත් මතක් වෙනවා,
මම මේ දුවන එක නැවතුන දවසකට මට මගේ අයියා  ව එක සැරයක් හරි මතක් වෙන බව මම දන්නවා ....
එත්
තවම මම දුවනවා .. ... ... ..