Apr 25, 2012

මේ රෑ අහසේ සඳක් වී මට පේනවද?

දෙනෝ දාහක් 
එක පොදියේ ...
එත් මට මහා තනිකමක් දැනෙනෙවා
අම්මේ ...
හිතට වද දෙන ..
නින්ද නැති මේ රෑ..
උනුහුමට ගුලි වෙන්න 
අම්මේ නුබේ තුරුලේ ...
තවම මම ආසයි ..
මුළු ගතේ විරියෙන්..
වැළඳගෙන .
මට නේද වැඩියෙන් ආදරේ ...
අහන්න 
මම තවම ආසයි ..
වලංගු නැති හිත 
දඩබ්බර කම් කරද්දී .
මහා හයියෙන් කෑගසන ..
නුබේ කටහඩ 
අහන් ඉන්න
තවම මම ආසයි ...
මේ රෑ අහසේ සඳක් වී 
මට පේනවද?
හමා එන මැද සුළඟ වී නුබ එනවාද?
අම්මේ මගේ ළඟ තනියට?
මම තවම ආසයි
තුරලටම වී ඉන්න ... 

ප.ලි .:- ඈත රටකට වෙලා ඉද්දි, අම්මාව ගොඩක් මතක් වෙනවා, ළඟ ඉන්නවට වඩා වැඩියෙන් දැනෙනවා.. , එහෙම දැනෙද්දී , ඇස් දෙකෙන් නෙවෙයි , හිතෙන් මම අඩනවා..

Apr 16, 2012

එක්ව යනු බැ


කදුළු පිනි කැට නෙතින් ගලනා
දමා තනිකර දිව යයි ඈතින් ඈතට මා
වස්සානය තව දුරයි , එක්ව යනු බැ
රිදුම් දෙන ආදරේ කරමින් වත්තම්

පෙම් බදිමි මා අප හමු වුන මේ ගිම්හානයට
සුවද මෙයමයි අපේ ආදරේ
නොදුටුව වස්සානය සොයා යනු බැ
ගිනියමින් වේලෙන සුසුමත් මද පවනක්ව දැනෙනා කලේ .

කතරේ දිලෙනා කඳුළු පිනි මල්
නෙලා සිප ගනු බැරි ..
සමුගනිමු අපි මේ කඳුළු තොටුපලේ
යලි යලිත් හමු නොවන පෙම්වතුන් සේ ..



photo : http://www,loveparadiseforyou.com/romantic-love-letters-i-love-you/goodbye-my-love-letters

Apr 3, 2012

කැළණිපුර නුතන ගැමුණුවත


අර පෙන්නේ
විහාරය ...
ඊට අල්ලපු වැටේ
ගහපියව් .. බෝඩ් එක
'විකිනීමට ඇත ..සුරූපී ලඳුන්'
දැන් ඉතින්
උපාසකයෝ .. පෝලිමට ඇදෙවී
ඊට පොඩියක් එහායින්
විකුනපියව්
'රට බීම' කලවමට අපේ එව්වත් එක්ක..
පන්සලට යන්න කලියෙන්
හිත හදාගෙනම යන්න ..
පන්සලෙන් එනකොටත්
පින් කරපු සතුටට බොන්න ..
බය නැතුව
විකුනපිය ..කුඩු ටිකත් ....
මතක තියාගෙන
ගණන් බේරපිය . හවසට ...
මොකට බය වෙන්නේ ..
පස් වහන් දහසකට බුදු වන්න ..
අපේ මහ රජ ..
රෙද්ද පල්ලේ නොව ..තියන් ඉන්නේ මාව ..
ගහපියව් .. මර පියව් ...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ .
එකෙක් හරි
හෙල්ලුවොත් කට
අම්මපා .. බඳිනවා ගස් ..
අහන්නෙම නැතිනම්
ගිනි පිබින හැටි දන්නවා , මම
මගේ ලයිසොන් තුවක්කුවෙන් ..
බය වෙන්නේ මොකට..
එක වරක් වැන්දොතින්
ඇති නොවැ ..
කරපු පව් හේදෙන්න ...