Oct 28, 2012

අනේ ... මේ අහිංසකය මක් කොරන්නද?


උඹලා 
මහා පව් කාරයෝ ..
බලපල්ලා ..
ලා හිතක් පපුවක් 
නැති 
අමුම අමු තිරිසන්නු ..
ඒ අහිංසක 
උත්තමයා .. මහන්සියෙන් 
හම්ඹු කරපු සල්ලි ..
අර මැරිච්ච ප්‍රභාකරනුයි උගේ 
හැතිකරෙයි 
කඩා වඩා ගත්තා..
ඒ මදිවට ..
ගේ හිත් වල තියෙන කුහකකමට 
උබල ඌට පද හැදුව... 
හිතපල්ලා ... කොටි වෙඩි තියල 
හමුදාවේ කොල්ලෝ මැරුණට .. ඒ අහිංසකය මක්ක කරන්නද?
උන්ට හමුදාවට යන්න කිව්වේ .. ඒ ඇත්තොද?
අර පොරිසාදයට ඉන්න බැරිවට 
බෝම්බ පුපුරෝල .. කැති ගාල මිනිස්සුන්න්ව මැරුවට ...
අනේ ... මේ අහිංසකය මක් කොරන්නද?
ට ඕන වුනේ 
ඒ අහින්සකයව කොළ නැති ගහේ එල්ලන්න ..
බලන් ඉදපල්ලා ....
එව්වා කොහෙද .....
අපේ ධාර්මික රජතුමා .. ඉන්නකම් ...
තොපිට හොඳ වැඩේ ... දේශ ද්‍රෝහී හැත්ත.  ....

කේ.පි. හෙවත් කුමරන් පත්මනාදන් නිදහස් කොට , උතුරේ මහා ඇමති අපේක්ෂක වශයෙන් පත් කිරීමට සුදානම්  - පුවතක් 

Oct 21, 2012

ඇවිදින් අරන් යන්න .. මතකයන් මගෙන් ...!!!

ලොවටම හොරෙන් 
බැදුනෙමි පෙමින්....
සිතටත් හොරෙන් ඔබ 
සැගවී ගොසින් ...
කදුලැල් ගලා විත් ..
නෙතටත් .. හොරෙන් ...
රිදවයි .. මයේ හිත .. 
මටමත් හොරෙන් ......

සිසිරේ .. සීතලේ 
උනුහුමට තුරුලටම අරන්..
සිප ගත්ත ඔබේ මුහුණ බොද වී ගිහින් ...
සිත්තමක් සේ මතකයන් .. අපේ 
රිදවයි .. මයේ සිත .... මටමත් හොරෙන් ..

ආයෙමත් නුබ එන්න .. පෙර දා ලෙසින් ..
ඇවිදින් අරන් යන්න .. 
මතකයන් මගෙන් ...!!!