Showing posts with label සමාජ | කාලීන | People. Show all posts
Showing posts with label සමාජ | කාලීන | People. Show all posts

Jun 20, 2013

අනේ මේ හරක් රැල ......

පා ගමන් 
එන කල 
මගදී දැක 
අම්බලමේ පිනාලව 
එලව එලවා 
අනිති
අනේ මේ 
හරක් රැල .......

Feb 7, 2013

නොයෙව්වා නම් පිටරට ...!!!

අරාබියේ 
හම්බයෝ ..
ගෙවල් වල වැඩ  කර ගන්න හැටි 
බලන්න තිබුන ..
සිංහල මම 
නොයවන්න 
මගේ ගෑණිව 
හලාල්  කොට ..
පිටරට...  !!!




බිරිදව , නැගණියව , හලාල්  කර  රට පටවා , හලාල්  නැති රටක්  හොයන , රටක  අභිමානවත් පිරිමි  උදහස් නොවෙත්වා . 

Aug 31, 2012

ඔබෙන් සමු ගැනීම සදහා අවසර පතමි උතුමාණෙනි !!!



















මරණයේ 
දොරකඩට ගොස් ....
සිංහ පුතෙකුගේ එඩි පෙන්වා 
යලි පැමිණි නුබ 
රණ බිමේ..
කොල්ලෙනි 
'නොහැක්කක් නොමැත'
මහා හයියෙන් මොර දුන්න නුබ..
සතුරු බලමුළු 
සුනු විසුනු කොට ...
මවු බිමේ .... නාමයෙන් 
අණ දුන්න සොදුරුතම සෙන්පතියාණෙනි ...
සංග්‍රාම භුමියේ .. උරෙනුර ගැටී ..
එකා පිට එකා මැරුණත් 
අරමුණෙන් පිට නොයන හැටි 
කියා දුන් ... විරුවාණෙනි
කිසිදි කිසි විට .. පසු නොබැස ගිය නුබ 
නික්ම ගොස් ඇත .. ජීවිත බිමෙන්..
ඉඩ නොතියාම .. කිසිත් .. කියන්නට 
මව් බිමේ උරුමය වෙනුවෙන් 
අභිතව 
යුධ වැදුන නුබ 
මිහිදන්න්ව ඇත .. බොහෝ දුරකින් ..
'උතුමාණෙනි'
සමු ගැනීම සඳහා සියල්ල සම්පුර්ණයි'
ඔබෙන් සමු ගැනීම සදහා 
අවසර පතමි 
උතුමාණෙනි !!!!


ප.ලි. : - මේජර් ජෙනරාල් සමන්ත සුරියබණ්ඩාර, යනු ශ්‍රී ලංකා යුධ හමුදා කොමාන්ඩෝ බලකායේ සුවිශේෂිතම චරිතයක් විය, අවසන් මෙහෙයුම ආරම්භයේදී 53 වෙනි සේනාංකයට අණ දුන් එතුමා, අති දක්ෂ කොමාන්ඩෝ විරුවෙක් විය. 
දේශපාලන හේතුන් මත සේවා කාලය තවත් වසර 10 කට වඩා ඉතිරිව තිබියදී දඩුවම් විශ්‍රාම ගැන්වූ ඒතුමා, තම දිවි දෙවෙනි කොට රැකි මාතෘ භුමිය හැර ඕස්ට්‍රිලියාවේ පදිංචියට යාමට සිදු වුයේ , තමාට හිමි විශ්‍රාම වැටුම පවා නොලැබුන තත්වයක් මත වීම , සහ අඩුම තරමේ ඔහුද එක් වී රැක දුන් මව් බිමේ මිහිදන් වීම පවා අහිමි වීම. කොතරම් ශෝචනීයද???
උදේ හවස රණ විරුවන් ගැනම සිතන , රණ විරුවන් පුදන දේශයක සැබෑ රණ විරුවන් අකාලයේ දැයෙන් වෙන් කිරීම .. දේශ ප්‍රේමයද? 

Aug 27, 2012

සිහිවටනය

පැය ගණන් 
දින ගණන් ..
සති  ගණන් ..
ඔබේ ආදරේ ඉල්ලන්න 
පෙරුම් පුරපු මට ..
උබත් පිටු පෑව සඳ ..
සිහිවටනයක් සේ 
ඉතිරුවුන 
රතු බිල ..
තුරුළු කරන්
හඩමි මම ..
බිල දරා ගන්නට බැරිව ...

Jun 12, 2012

'මගේ රස්සාවට , අත නොතබනු !!!'


ඉඳපල්ලකෝ...
මේ 
පිඩිත , නිර්ධන පන්තියේ 
ඉඳන්
කොහොම හරි සුළු ධනේශ්වර 
වෙලා 
ඊටත් පස්සේ 
ධනේශ්වර වුන දවසක 
උඹලා .. හැමෝටම 
'රිටර්න්' එක දෙනවමයි ..
එතකම් 
මම කියන්නේ මෙච්චරයි 
'මගේ රස්සාවට , අත නොතබනු'

May 23, 2012

අනේ අම්මපා ඉන්න බැරි හැටි ගෑනුන්ට ....

සංවේදී නායකයෝ ...
ආඩම්බරකාර තාත්තලා ...
දුටුගැමුණු පර පුරක 
නෂ්ටාවශේෂ වෙච්චි 
ඇමැත්තෝත් ..
දැහැමින් - සෙමින් 
රට කොරන කල ..
පැවිද්දන්..
සිවුර එලලා බිමට
මහවාසලෙන්..
දන් කුඩ  .සිඟාගෙන ...
මනරම් බණ දෙසන කොට ..
දේශප්‍රේමී .. සැදැහැවත් 
දෙවිවරු වැඩ ඉන්න රට ..
අනේ අම්මපා 
ඉන්න බැරි හැටි ගෑනුන්ට 
පති වත 
නොබිදගෙන ....

ප.ලි.  - 23/05/2012 දින ජාතික පුවත් පතක් වූ දිවයින පුවත් පතේ අන්තර්ජාල පිටපතේ පළවූ පුවත් ශිර්ෂ පාඨයන් කීපයකි , අප කොතරම් වාසනා වන්තයින්දැයි කියතොත් ශිර්ෂ පාඨ 5 ම අපරාධ පිලිබඳවය , අති විශේෂිතම දේනම් 4/5 ම ස්ත්‍රී දුෂණ වීමය.  මා දන්නා තරමින් ආශ්චර්යමත් මගේ රටේ පිරිමින් අතින් මෙවැනි දේ සිදු විය නොහැක, ගැහැනුන් විසින්ම මෙවැනි දේ කොට ලෝකයා ඉදිරියේ අපි මහත් වූ තිරිසන් ජාතියක් කියා පෙන්වන්නට උත්සහා ගන්නවා විය හැක. නොඅනුමානවම ඔවුනට ඒ සඳහා ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර අධිරාජ්ජ්‍යවාදීන් ඩොලර් මලු පිටින් ගෙවනු ඇත.

May 7, 2012

සමා වෙන්න බුදු හිමියනි ..

අනේ බුදු හිමියනි,
සමා වුව මැනවි..
තෙල් , මල් , අරන් ආවත් 
පන්සලට ..
හිතේ තවමත් සද්ධාවක් නම් නෑ..
මයේ හිතේ.
වෙසක් දවසේ ..
පන්සලට විත් .
බොහොම බැතියෙන් 
මල් පූජා කරන්න .. 
ගෙදර උන්දැත් එක්ක ...
බලන් හිටියා මම.
එත් ඊයේ රෑ ........
ආයෙමත් මුන් ගැහුවනෙ .. අපේ බඩට ..
අනේ අම්මපා .. හෙනම ගහපන් ඕකුන්ට ...
ඇත්තමයි අහු වුනොත් ඕකුන්ව 
මරා ගෙන මැරෙනවා ..
අනේ 
සමා වෙන්න බුදු හිමියනි ..
කොහොමද හිත වාවන්නේ 
දැනෙනවා  නොව 
මටත්  බඩගින්න ..
ඊට වැඩියෙන් දෙනෙනවා නොව
මට මගේ 
පොඩි උන්ගේ බඩගින්න ...


Original image: http://www.sethskim.com/2010/02/22/cognitive-dissonance/man-thinking/

May 2, 2012

මැයි දිනේ අපේ නොවේ!!!!

බත් පැකට් එකයි ..
රුපියල් දෙසීයයි ...
වටිනවනේ බොල....
ඉතින් වර යන්න ...
මැයි දිනේ සමරන්න ...
මන්ත්‍රීතුමත් එක්ක .. කොළඹ 


ප. ලි. :- කම්කරු දිනේ නොහොත් මැයි දිනේ කා සඳහාද? කව්රුන් නිසාද? යන්න වර්තමානයේ නිර්වචනය කිරීම අපහසුය, මක්නිසාදයත් මැයි දිනයේ බුහුමන් ලබන්නේ කම්කරුවා නොව වෙනකෙකුය, මැයි දිනේ ඇසෙන්නේ කම්කරුවගේ හඬ නොව, ගිගුම් දෙන්නේ වෙනකෙකුගේ හඬ පමණය , කොටින්ම මැයි දිනයේත් කම්කරුවා කරන්නේ අනුන් වෙනුවෙන් වැඩ කිරීම පමණි .


image : http://www.marxistbooks.com/product.php?productid=17569&cat=250&bestseller=Y

Mar 8, 2012

WOMAN'S DAY

කොළඹ
ළමා තැනීලා..
වෙනදට වැඩියෙන්
බොන දවස ........

Feb 25, 2012

පෙම්වතිය සහ පැට්‍රොල්

උඹත් හරියට
දවස ගානේ ගණන්
උස්සන...

හිතක් පපුවක් නැති ..
මට ගින්දරම දෙන ...

හැම තිස්සෙම
ඇවිලෙන්න බලන ...

ඇතුවත් බැරි .. නැතුවත් බැරි
පැට්‍රොල් .. වගේ ...

Feb 16, 2012

තද කර ගත්තු පටි ...

තද කර ගත්තු පටි ...
දේශප්‍රේමය නිසාවෙන් ,
තද වෙලා . හිර වෙලා...
පසාරු කරගෙන ගිහින්...
බඩ බොකු ... අක්මාව ..
පෙනහළු ....  අමාශය,
හැම දේම ... තදවෙලා පුපුරන්න තරමටම ...
එත්
අපි තවම ඉවසගෙන .. බලාන ඉන්නවා..
අපි...


දේශප්‍රේමියෝ නිසාවෙන් ....