Showing posts with label හැගීම් | සිතුවිලි| THOUGHTS. Show all posts
Showing posts with label හැගීම් | සිතුවිලි| THOUGHTS. Show all posts

Dec 9, 2013

මගුල් පෝරුව තව දුරයි ...

ඇය  .. මගෙයි 
මම .. ඇයගෙමයි ..
අපි 
දිකින හීන ..
එළිවෙන තුරා .. විතරමයි..
ඔරලෝසුවේ කටු අතර 
දින පොතේ පිටු අතර 
දියව යයි....
කල වයස...
කතරකට වහින වැසි 
නොම වහින හැටි 
මහා උන්ගේ 
හිත්  වලට..
ගල් වෙච්ච හිත් 
උන්ගේ .. යාන්තමට .. තෙත් 
නොවෙන කම්..
මගුල් පෝරුව  
තව දුරයි ...

Aug 31, 2013

හිස් ගෙඩියේ

වතුර වෙනුවට 
උණ්ඩ 
ඊට පස්සේ 
ගැලවෙන තරු පටි ...
කිරිපිටි 
එක්ක දොරේ ගලන 
ජාති ආලය ...
අන්තවාදය ...
තලලා පොඩි 
කරන මල් කැකුළු ..
ලාබෙටම විකිනෙන ..
බල්ලොත් නගින 
පෝරුව ළඟ 
ඉකිබිදින 
පිල්ලේ - මර්වින් 
වැඩි පඩි නැතත් 
දුර දුවන් යාල් දේවි 
හිත ළඟ ඉදන් 
අහස අල්ලන්න 
විනාඩි විස්සෙන් යන්න .. අධි වේගේ 
කණ ලඟින් පියාබන 
වෙඩි උණ්ඩ 
බස් නැතත් 
සුදු වෑන්  ඇත යන්න ..
මේ ඔක්කොම 
හිර කරන් 
මගේ හිස් ගෙඩියේ 
නිදමි මම ..තුරුළු කරගෙන 
දේශ ප්‍රේමය ....  

නොතේරෙන බව උබව

වැස්ස 
ඇති තරම් 
හඩන්න  ...
පොළොවට  දැනෙන්න ..
කවදම හරි දවසක 
උබටම තේරුම් යාවි 
උබ කොච්චර හැඩුවත්  
නොතේරෙන බව උබව 
උබ ලඟම 
ඉන්න 
අහසට .....

Apr 28, 2013

ජීවිතය ලිස්සන බව .....

සුදෝ සුදු 
හිම මත 
අඩිය තිය තිය සීරුවට 
අවිදයන විට ...
පසක් විය මට ලස්සන යුරෝපයේද 
ජීවිතය 
ලිස්සන බව ..
දමා තිබුනත් .. මිල අධික 
සපත්තු දෙපයට ....

කස්සප නොකී කවියක් ..

අප්සරා ..
උබේ සිතුවම් 
ඇන්ද  තෙලි තුඩින්...
ඇනගෙන  මැරෙන්නට හිතෙනවා 
මට, 
මුන් උබව 
විකුණගෙන කන හැටි 
දැක්කහම...


Apr 9, 2013

සිනාසෙමි මා .. හඩන්නට නොහැකි හන්දා ...

හිතට වද දෙන 
හැගුම් හංගා 
සිනාසුනි මා 
හඩන්නට නොහැකි හන්දා ..

වස්සානය තව දුර නිසා..
ගිම්හානයට නුබ පෙම් කලා 
පමාවී වසන්තය එන  කලට..
ගිම්හානයට නුබ වියලිලා ...

සඳ පින්නට 
දුක කියමි සුසුම් පා .. කර 
හිත ලගට ගුලි  කරන්  සිප ගනිමි 
ආදරෙන් මතක සැමරුම් ...

සිනාසෙමි මා  .. හඩන්නට  
නොහැකි හන්දා ...

Apr 6, 2013

මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...

උපන්නේ අපි එක බඩ වැල කඩාගෙන 
දුවන්නේ එකම ලෙයයි .. අපේ ගත පුරාවට ..
ගැහෙන්නේ එකම ගැස්මයි .. 
හදවත පුරාවට ...

අප්පෙක් නැති එකා හට
නුබ වුනි අප්පා ...
තවමත් බය හිතෙනවා
බලනා විට පුප්පා ...

නැවතුන නිසා මගේ හිත 
කොහෙද දුර..
විරසක වෙලා.. ඇයි  මේ රවාගෙන..
කන් දෙන්නට  මට තවමත් නැතිද හිත..

පැල්පත උබ  දකිනා මගේ 
දැනෙන්නේ මැදුරක් ලෙසට අගේ..
හිත ගිය තැන හැදු මාලිගාව මයේ ..
එන්නේ කෙලෙස  දමා .. පොඩියක්  හිතපන්කෝ දෙයියෝ මයේ ..


අයියන්ඩියේ  නුබ රජ කම් කරන දින...
අත වැසි කම්  කරන එක .. සැපයි මට...
හිරවෙලා මම දෙලොවක් අතර අද..
දරන්නට බැහැ  .. මේ දැනෙන දුක ..

දැනෙනා  හැමදේම ලියන්නට ..
පද නෑ  මට .. අයියේ .. බදින්නට 
මට මා නැතත් ... නුබ වෙනුවෙන් මම ඉන්නේ..
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...

Oct 21, 2012

ඇවිදින් අරන් යන්න .. මතකයන් මගෙන් ...!!!

ලොවටම හොරෙන් 
බැදුනෙමි පෙමින්....
සිතටත් හොරෙන් ඔබ 
සැගවී ගොසින් ...
කදුලැල් ගලා විත් ..
නෙතටත් .. හොරෙන් ...
රිදවයි .. මයේ හිත .. 
මටමත් හොරෙන් ......

සිසිරේ .. සීතලේ 
උනුහුමට තුරුලටම අරන්..
සිප ගත්ත ඔබේ මුහුණ බොද වී ගිහින් ...
සිත්තමක් සේ මතකයන් .. අපේ 
රිදවයි .. මයේ සිත .... මටමත් හොරෙන් ..

ආයෙමත් නුබ එන්න .. පෙර දා ලෙසින් ..
ඇවිදින් අරන් යන්න .. 
මතකයන් මගෙන් ...!!!

Sep 30, 2012

නික්ම යන්න ඔබ .....

සුදු රෝස මල්
මට එපා....
හැම දාම ආදරෙන්
ඔබ දුන්න ,,
හිනහව විතරක්ම .. මට දෙන්න අදත්...
පසක් නොවන්නේ ඇයිද ..
මායිමක් නැති බව .. ආදරයට මෙන්ම මරණයටත් .....
ඉතින් ...
නික්ම යන්න ඔබ ...
මළ හිරු බසිනා .. මේ හැන්දෑවත්
සුන්දරයි මට නම් .. ..
ඉතින් 
නුබ නික්ම යන්න ...
සුසානයෙන් ....
උනුහුමට ගිලිහුන කදුලක් 
ඉතිරි කොට .. මගේ ළඟ තනියට ...

හෙට හිමිදිරියේ 
ඔබ ලඟට විත් දැවටෙවී..
මගේ සුසුමන් ..
කොදුරා කියාවි .. මා ඔබට පෙම් කල බව ..
පසක් කොට ගනු මැනවි ... මා ඔබට පෙම් කල බව ඉදුරාම ..

රෑ අහසේ 
ඔබට ඉහලින් 
සහස් වූ තරු අතර 
තරුවක්ව 
බලා ඉන්නෙමි සෙනෙහසින් ...

ඉතින් .. මා දමා මෙහි 
නික්ම යන්න ඔබ .....

Aug 31, 2012

ඔබෙන් සමු ගැනීම සදහා අවසර පතමි උතුමාණෙනි !!!



















මරණයේ 
දොරකඩට ගොස් ....
සිංහ පුතෙකුගේ එඩි පෙන්වා 
යලි පැමිණි නුබ 
රණ බිමේ..
කොල්ලෙනි 
'නොහැක්කක් නොමැත'
මහා හයියෙන් මොර දුන්න නුබ..
සතුරු බලමුළු 
සුනු විසුනු කොට ...
මවු බිමේ .... නාමයෙන් 
අණ දුන්න සොදුරුතම සෙන්පතියාණෙනි ...
සංග්‍රාම භුමියේ .. උරෙනුර ගැටී ..
එකා පිට එකා මැරුණත් 
අරමුණෙන් පිට නොයන හැටි 
කියා දුන් ... විරුවාණෙනි
කිසිදි කිසි විට .. පසු නොබැස ගිය නුබ 
නික්ම ගොස් ඇත .. ජීවිත බිමෙන්..
ඉඩ නොතියාම .. කිසිත් .. කියන්නට 
මව් බිමේ උරුමය වෙනුවෙන් 
අභිතව 
යුධ වැදුන නුබ 
මිහිදන්න්ව ඇත .. බොහෝ දුරකින් ..
'උතුමාණෙනි'
සමු ගැනීම සඳහා සියල්ල සම්පුර්ණයි'
ඔබෙන් සමු ගැනීම සදහා 
අවසර පතමි 
උතුමාණෙනි !!!!


ප.ලි. : - මේජර් ජෙනරාල් සමන්ත සුරියබණ්ඩාර, යනු ශ්‍රී ලංකා යුධ හමුදා කොමාන්ඩෝ බලකායේ සුවිශේෂිතම චරිතයක් විය, අවසන් මෙහෙයුම ආරම්භයේදී 53 වෙනි සේනාංකයට අණ දුන් එතුමා, අති දක්ෂ කොමාන්ඩෝ විරුවෙක් විය. 
දේශපාලන හේතුන් මත සේවා කාලය තවත් වසර 10 කට වඩා ඉතිරිව තිබියදී දඩුවම් විශ්‍රාම ගැන්වූ ඒතුමා, තම දිවි දෙවෙනි කොට රැකි මාතෘ භුමිය හැර ඕස්ට්‍රිලියාවේ පදිංචියට යාමට සිදු වුයේ , තමාට හිමි විශ්‍රාම වැටුම පවා නොලැබුන තත්වයක් මත වීම , සහ අඩුම තරමේ ඔහුද එක් වී රැක දුන් මව් බිමේ මිහිදන් වීම පවා අහිමි වීම. කොතරම් ශෝචනීයද???
උදේ හවස රණ විරුවන් ගැනම සිතන , රණ විරුවන් පුදන දේශයක සැබෑ රණ විරුවන් අකාලයේ දැයෙන් වෙන් කිරීම .. දේශ ප්‍රේමයද? 

Aug 27, 2012

සිහිවටනය

පැය ගණන් 
දින ගණන් ..
සති  ගණන් ..
ඔබේ ආදරේ ඉල්ලන්න 
පෙරුම් පුරපු මට ..
උබත් පිටු පෑව සඳ ..
සිහිවටනයක් සේ 
ඉතිරුවුන 
රතු බිල ..
තුරුළු කරන්
හඩමි මම ..
බිල දරා ගන්නට බැරිව ...

Aug 22, 2012

උඹට වැඩියෙන් රිදෙන්නේ ..මගේ හිත ..


තවමත් ඉස්සර වගේ 
තමයි ..
වචනයක් .. දෙකක් එකට අමුනගෙන 
ගොත නොගහ ..
උඹත් එක්ක කතා කරන්නේ 
බොහොම අමාරුවෙන් ....
උබේ ඉස්සරහ 
හිටන් ඉන්න එක මොහොතක් 
මට දැනෙන්නේ ..
කල්පයකට සක්වලම 
එකම තැනක නැවතිලා වගේ ...
තාත්තෙක් නැති ගානට  වැටුන 
මගේ ලෝකේ ..
ඇත්තටම    මට අප්පුච්චෙක් ..
ඇස් දෙකට පෙන්නන්න බැරි උනත්  ට මාව 
හොරෙන් හරි උබේ පස්සෙන් වැටෙන්නේ 
හිත හයිය නැති නිසා මගේ ...   නැතුව ඉන්න ..
එත් 
හිත හයිය   .. .. 
ගත වාරු නැති කල ...
අමාරුවෙන් ඔහොම වරු අරගෙන ඇවිදින කොට ..
ට වැඩියෙන් රිදෙන්නේ ..මගේ හිත ..
මගේ ආයුෂත් අරගෙන 
ඉක්මනට 
හොඳ වෙයන්...
ලොකු අයියේ ..
අමාරුයි මට මේ දුක දරන්න ...

Jul 21, 2012

ආයෙමත් වතාවක් හමු නොවේවි අපි..

ආයෙමත් වතාවක් 
හමු නොවේවි අපි..
ආයෙමත් වතාවක් ..
ඔබේ ළඟ දැවටිලා .. හිනාවකින් හිත පුරවාගෙන 
සැනසෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
තොර තෝංචියක් නැතිව ..
හිතුමතේ දොඩවන්න ..
මොහොතකට නැවතිලා .. ඇස් දෙකට එබිකම් කරන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
ආදරේ වැඩි කමට රිදුන හිත ... කාටත් හොරෙන් කඳුළු කැටවලින් 
තෙමන්න ..
ඒ කඳුළු කැට හංගලා .. ආයෙමත් හිනාවෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
කියා ගන්න බැරි වෙච්චි .. කතාවක ඉතිරි ටික 
කියා දෙන්න .. 
ආයෙමත් වතාවක් . හමු නොවේවි අපි ,
ඉතින් මට ආදරෙන් සමු දෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවන්නට 
නික්ම යන්නට .. මතකය 
විතරක්ක්ම ඉතිරි කොට ...

Jun 12, 2012

'මගේ රස්සාවට , අත නොතබනු !!!'


ඉඳපල්ලකෝ...
මේ 
පිඩිත , නිර්ධන පන්තියේ 
ඉඳන්
කොහොම හරි සුළු ධනේශ්වර 
වෙලා 
ඊටත් පස්සේ 
ධනේශ්වර වුන දවසක 
උඹලා .. හැමෝටම 
'රිටර්න්' එක දෙනවමයි ..
එතකම් 
මම කියන්නේ මෙච්චරයි 
'මගේ රස්සාවට , අත නොතබනු'

May 17, 2012

නුබෙන් වෙන් වූ ... දින සිටම

පෙර දවස ...
නුඹ නිසා ,
නු වෙනුවෙන් 
නුට විතරක්ම 
සදාකාලිකව  ආදරේ 
කරන බව .. දිවුරා සපථ කල මම 
නුබෙන් වෙන් වූ 
දින සිටම 
ඇයට
ඇය වෙනුවෙන් 
ඇයට විතරක්ම 
සදාකාලිකව ආදරේ කරන 
බව දිවුරා සපථ කරන්නෙමි...
අහෝ ..
නොනවතින ප්‍රේමයක .. මහත!!!






image sources before edit:

May 12, 2012

ආදරේ නාමයෙන් ..., එපා යලි හමුවන්න ..


ආදරේ නාමයෙන් .. ඔබ රැගෙන එන්නේ 
කඳුළු විතරක් නම්...
එපා යලි හමුවන්න ..
ළඟ ඉඳන් තනි රකිවී ..
මගේ හිතේ සුසුම් පොදි..
අද වගේම හැමදාම 

ගලා යන ජිවිතේ ..
ඉව්රු වෙමු අපි දෙදෙන..
ඈතින් ඉඳන් .. පෙම් කරන ..
නමුදු .. කිසි දිනක එක් නොවෙන ...
දැනේවි එවිට 
ගලා යන ජීවිතයක මිහිර ...

ආදරේ නාමයෙන් .. ඔබ තිලින කල 
කඳුළු මල් කළඹ ...
පරවී ගියාදෙන් ...
මතු දිනෙක .. යලි මල් පිපේවි 
ආදරේ නාමයෙන් ...



Apr 25, 2012

මේ රෑ අහසේ සඳක් වී මට පේනවද?

දෙනෝ දාහක් 
එක පොදියේ ...
එත් මට මහා තනිකමක් දැනෙනෙවා
අම්මේ ...
හිතට වද දෙන ..
නින්ද නැති මේ රෑ..
උනුහුමට ගුලි වෙන්න 
අම්මේ නුබේ තුරුලේ ...
තවම මම ආසයි ..
මුළු ගතේ විරියෙන්..
වැළඳගෙන .
මට නේද වැඩියෙන් ආදරේ ...
අහන්න 
මම තවම ආසයි ..
වලංගු නැති හිත 
දඩබ්බර කම් කරද්දී .
මහා හයියෙන් කෑගසන ..
නුබේ කටහඩ 
අහන් ඉන්න
තවම මම ආසයි ...
මේ රෑ අහසේ සඳක් වී 
මට පේනවද?
හමා එන මැද සුළඟ වී නුබ එනවාද?
අම්මේ මගේ ළඟ තනියට?
මම තවම ආසයි
තුරලටම වී ඉන්න ... 

ප.ලි .:- ඈත රටකට වෙලා ඉද්දි, අම්මාව ගොඩක් මතක් වෙනවා, ළඟ ඉන්නවට වඩා වැඩියෙන් දැනෙනවා.. , එහෙම දැනෙද්දී , ඇස් දෙකෙන් නෙවෙයි , හිතෙන් මම අඩනවා..

Mar 20, 2012

෴ජොකා සහ මම ෴


පුංචි එකා සන්දියේ....
නිච්චියක් තිබුනේ නෑ නොවැ...
නුඹව..
නිදහසේ සුව වින්ද
අපුරුව ...
නොනවතින කාලය ...
රැගෙන ගිය හැටි මා වයසට ...
වෙනස් කල හැටි මගේ සිතුවිලි ..
ඇසුරු සැනකින් .. මා දමා දුවන මගේ
හිත ..වලංගු නැති කලෙක
මටම ..
පැතුව හැටි නුඹව ...
විටක මහා වදයක්ව ...
තව විටක ..
වලකාලුව හැටි ..
වන්නට ගිය මහා විපත් ....
උබ කොහොම
පෙම් කලත් මට ...
ලෙන්ගතු වුනත් මෙමට
මගේ ගුණ මකු කමට
මට අවැසි උබෙන් තොර මොහොතක් ..
විදින්නට ..
පුංචි එකා කල වින්ද නිදහස...
විතරක්ම නොව . ..
තව බොහෝ ... දේ ...
ඉතින්
මොහොතකට මට
ඉඩ දියන් ..
ඉන්න මගේ පාඩුවේ .. නිදහසේ... ..

Feb 29, 2012

බඩගිනි සිතුවිලි...

මෙලෝ සිහියක් පතක්
නැතුව ...
දවාලක් රැයක්
වගේ වගක්
නැතුව..
අපේ උන්දැ
නිතර දෙවේලේ,
රිංගන ... ගුබ්බෑයම
FACE BOOK ......

Feb 20, 2012

ටිකෙන් ටික .. අපි ආවද මේ තරම් දුර ......

මචන් , මොකෝ කරන්නේ.. BUSY ද? මේ උබ හෙට මොකද කරන්නේ , නිවාඩුනේ,
ඇයි හු....... හෙට පෝය... උබ පන්සල් යනවද? 
හි හි හි ....... විහිළුවක් බන් කලේ,,,
මොකද කියන්නේ හෙට සෙට් වෙමු .... ,
හරි හරි බන් .. ඒවා වහපුදෙන් .. අපි ළඟ බඩු STOCK , මේ වරෙන් අපේ දිහා .. අරුනුත් එනවා කිව්වා ... ,
BITE ඔක්කොම හරි, උබලට ඕන මොන devel ද අපේ වයිපරේට කියල හදවල තියන්නම් ....
මේ මට අමතක උනා doca ට බොන්න බියර් ගන්න පුලුවන්න්ද උබට ... මතක් කරලා හවසට අරන් තියා ගනින් ....
එහෙනම් හරිනේ ... වෙලාවට වරෙන් ...
අඩෝ එක නෙවෙයි ..
උබ අරුගේ song එක ඇහුවද ... අරුගේ බන්..
ගයාන් ගේ.. ටිකෙන් ටික ද මොන ..... ද කියලා ..
මමත් හරියටම ඇහුවේ නෑ බන් ... FB එකේ දැක්කා ..
අඩෝ ඌ කොහොමද බන් එහෙම කරන්නේ.. ,
.........ව එල්ලන්න ඕන.. ඇයි බන් මේක බෞද්ධ රටක් නේ ....
ඌ කොහොමද එහෙම කරන්නේ කැ .........,..
හරි හරි බන් ... හෙට සෙට් වෙමු ....
ඔන්න මතක ඇතුව අරුට බොන්න බියර් අරන් වරෙන්...


අදම ගනින් .. හෙට පෝය නිසා බඩු නෑ ....


(මේ ටික කියවල ... මට බනින්න එපා, මම සිංහල බෞද්ධයාට අපහස කළා කියල, මගේ තුන් හිතකවත් එහෙම නෑ... එත් සමහර විට තිත්ත ඇත්තයි ... ඇත්ත තිත්තයි .....)