Dec 9, 2013

මගුල් පෝරුව තව දුරයි ...

ඇය  .. මගෙයි 
මම .. ඇයගෙමයි ..
අපි 
දිකින හීන ..
එළිවෙන තුරා .. විතරමයි..
ඔරලෝසුවේ කටු අතර 
දින පොතේ පිටු අතර 
දියව යයි....
කල වයස...
කතරකට වහින වැසි 
නොම වහින හැටි 
මහා උන්ගේ 
හිත්  වලට..
ගල් වෙච්ච හිත් 
උන්ගේ .. යාන්තමට .. තෙත් 
නොවෙන කම්..
මගුල් පෝරුව  
තව දුරයි ...

Nov 19, 2013

ගල් ගසා මරාපන් ඒ වෙසගනව ..


ගල් ගසා

මරාපන්
ඒ
වෙසගනව ..
මොර ගසති
සුදනෝ ... එක සීරුවට
'කිසි පවක්  නොකළේ යැයි'
සිතන
උන්
පොරකමින්
තෝරති .. හොද රවුම් ගල්
අමතකව ඇත
උන්ට
හෙට දිනේ
ඒ ගල්  ගෙඩිම
වදින බව
උන්ගේ
ඔළුවලටම ....
උන් වගේම
තව
උන්ගෙන් ....

ආදරය සොයනා...

සීතලට හැකිලිච්ච සිත තවම 
තියෙනා ...
සිත ලගින් ඉගිලිච්ච නුබව සිත 
සොයනා ..
තනිවෙච්ච දින ගණන 
අමතකව තිබුණා ...
පරවෙච්ච පෙති අතර 
ආදරය සොයනා  ...


Aug 31, 2013

හිස් ගෙඩියේ

වතුර වෙනුවට 
උණ්ඩ 
ඊට පස්සේ 
ගැලවෙන තරු පටි ...
කිරිපිටි 
එක්ක දොරේ ගලන 
ජාති ආලය ...
අන්තවාදය ...
තලලා පොඩි 
කරන මල් කැකුළු ..
ලාබෙටම විකිනෙන ..
බල්ලොත් නගින 
පෝරුව ළඟ 
ඉකිබිදින 
පිල්ලේ - මර්වින් 
වැඩි පඩි නැතත් 
දුර දුවන් යාල් දේවි 
හිත ළඟ ඉදන් 
අහස අල්ලන්න 
විනාඩි විස්සෙන් යන්න .. අධි වේගේ 
කණ ලඟින් පියාබන 
වෙඩි උණ්ඩ 
බස් නැතත් 
සුදු වෑන්  ඇත යන්න ..
මේ ඔක්කොම 
හිර කරන් 
මගේ හිස් ගෙඩියේ 
නිදමි මම ..තුරුළු කරගෙන 
දේශ ප්‍රේමය ....  

නොතේරෙන බව උබව

වැස්ස 
ඇති තරම් 
හඩන්න  ...
පොළොවට  දැනෙන්න ..
කවදම හරි දවසක 
උබටම තේරුම් යාවි 
උබ කොච්චර හැඩුවත්  
නොතේරෙන බව උබව 
උබ ලඟම 
ඉන්න 
අහසට .....

Jun 20, 2013

අනේ මේ හරක් රැල ......

පා ගමන් 
එන කල 
මගදී දැක 
අම්බලමේ පිනාලව 
එලව එලවා 
අනිති
අනේ මේ 
හරක් රැල .......

Apr 28, 2013

ජීවිතය ලිස්සන බව .....

සුදෝ සුදු 
හිම මත 
අඩිය තිය තිය සීරුවට 
අවිදයන විට ...
පසක් විය මට ලස්සන යුරෝපයේද 
ජීවිතය 
ලිස්සන බව ..
දමා තිබුනත් .. මිල අධික 
සපත්තු දෙපයට ....

කස්සප නොකී කවියක් ..

අප්සරා ..
උබේ සිතුවම් 
ඇන්ද  තෙලි තුඩින්...
ඇනගෙන  මැරෙන්නට හිතෙනවා 
මට, 
මුන් උබව 
විකුණගෙන කන හැටි 
දැක්කහම...


Apr 9, 2013

සිනාසෙමි මා .. හඩන්නට නොහැකි හන්දා ...

හිතට වද දෙන 
හැගුම් හංගා 
සිනාසුනි මා 
හඩන්නට නොහැකි හන්දා ..

වස්සානය තව දුර නිසා..
ගිම්හානයට නුබ පෙම් කලා 
පමාවී වසන්තය එන  කලට..
ගිම්හානයට නුබ වියලිලා ...

සඳ පින්නට 
දුක කියමි සුසුම් පා .. කර 
හිත ලගට ගුලි  කරන්  සිප ගනිමි 
ආදරෙන් මතක සැමරුම් ...

සිනාසෙමි මා  .. හඩන්නට  
නොහැකි හන්දා ...

Apr 6, 2013

මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...

උපන්නේ අපි එක බඩ වැල කඩාගෙන 
දුවන්නේ එකම ලෙයයි .. අපේ ගත පුරාවට ..
ගැහෙන්නේ එකම ගැස්මයි .. 
හදවත පුරාවට ...

අප්පෙක් නැති එකා හට
නුබ වුනි අප්පා ...
තවමත් බය හිතෙනවා
බලනා විට පුප්පා ...

නැවතුන නිසා මගේ හිත 
කොහෙද දුර..
විරසක වෙලා.. ඇයි  මේ රවාගෙන..
කන් දෙන්නට  මට තවමත් නැතිද හිත..

පැල්පත උබ  දකිනා මගේ 
දැනෙන්නේ මැදුරක් ලෙසට අගේ..
හිත ගිය තැන හැදු මාලිගාව මයේ ..
එන්නේ කෙලෙස  දමා .. පොඩියක්  හිතපන්කෝ දෙයියෝ මයේ ..


අයියන්ඩියේ  නුබ රජ කම් කරන දින...
අත වැසි කම්  කරන එක .. සැපයි මට...
හිරවෙලා මම දෙලොවක් අතර අද..
දරන්නට බැහැ  .. මේ දැනෙන දුක ..

දැනෙනා  හැමදේම ලියන්නට ..
පද නෑ  මට .. අයියේ .. බදින්නට 
මට මා නැතත් ... නුබ වෙනුවෙන් මම ඉන්නේ..
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...

Mar 29, 2013

ලැජ්ජා වෙන්නේ මොකටද බොලව් .....

කරුණා  ඇවිත්
කියපන් මට...
මක්කවත්  අඩු දැයි කියලා...
නෙලෙලා  නොවැ
පිළිම ටික .. ලෙසටම ... අරන්තලාවේ
පිල්ලේ ..
බලාපන්
කොටපු මාන්න පාරවල් වලින්
එනවද කියල තවමත්
ලේ රතුම රතු පාටට ..
ලැජ්ජා  වෙන්නේ මොකටද
බොලව්  .. මටත් එහෙව් එකක්  නැති කල ...










සටහන : අරන්තලාවේ භික්ෂුන් සමුල ඝාතනය සිදු වූ සැටි දැක් වෙන ස්මාරකයක් ජනාධිපතිතුමන් අතින් විවෘත කරන අයුරු විවිධ මාධ්‍ය මගින් දුටුවෙමි.  සැබවින්ම එහි ඇති කෞතුක වටිනා කම මට නොවැටහේ. මන්දයත් එය නැවත වරක් මතක් කරමින් අපට ලබාගන්නට ශේෂව ඇත්තේ කුමක් දැයි මම නොදනිමි.

Mar 10, 2013

එක තැන නැති මයේ .. හිත

ඔබ ගැන 
හිත හිත  ලතවෙන හිත 
නවතින තැන ..
කොතැනක වේද ...
නොදනිමි මා...
ඒ නවතින හිත ලග ඔබ නැති වග 
හිත තව නැත පිලි අරගෙන 
හෙට යලි නුබ එන විට ...
එක තැන නැති මයේ .. හිත
නැත අද නැවතුන තැන .........!







පින්තුර හොරකම් කලේ : http://www.parkeronline.org/index.aspx?nid=853

Feb 7, 2013

නොයෙව්වා නම් පිටරට ...!!!

අරාබියේ 
හම්බයෝ ..
ගෙවල් වල වැඩ  කර ගන්න හැටි 
බලන්න තිබුන ..
සිංහල මම 
නොයවන්න 
මගේ ගෑණිව 
හලාල්  කොට ..
පිටරට...  !!!




බිරිදව , නැගණියව , හලාල්  කර  රට පටවා , හලාල්  නැති රටක්  හොයන , රටක  අභිමානවත් පිරිමි  උදහස් නොවෙත්වා . 

Oct 28, 2012

අනේ ... මේ අහිංසකය මක් කොරන්නද?


උඹලා 
මහා පව් කාරයෝ ..
බලපල්ලා ..
උඹලා හිතක් පපුවක් 
නැති 
අමුම අමු තිරිසන්නු ..
ඒ අහිංසක 
උත්තමයා .. මහන්සියෙන් 
හම්ඹු කරපු සල්ලි ..
අර මැරිච්ච ප්‍රභාකරනුයි උගේ 
හැතිකරෙයි 
කඩා වඩා ගත්තා..
ඒ මදිවට ..
උඹලගේ හිත් වල තියෙන කුහකකමට 
උබල ඌට පද හැදුව... 
හිතපල්ලා ... කොටි වෙඩි තියල 
හමුදාවේ කොල්ලෝ මැරුණට .. ඒ අහිංසකය මක්ක කරන්නද?
උන්ට හමුදාවට යන්න කිව්වේ .. ඒ ඇත්තොද?
අර පොරිසාදයට ඉන්න බැරිවට 
බෝම්බ පුපුරෝල .. කැති ගාල මිනිස්සුන්න්ව මැරුවට ...
අනේ ... මේ අහිංසකය මක් කොරන්නද?
උඹලට ඕන වුනේ 
ඒ අහින්සකයව කොළ නැති ගහේ එල්ලන්න ..
බලන් ඉදපල්ලා ....
එව්වා කොහෙද .....
අපේ ධාර්මික රජතුමා .. ඉන්නකම් ...
තොපිට හොඳ වැඩේ ... දේශ ද්‍රෝහී හැත්ත.  ....

කේ.පි. හෙවත් කුමරන් පත්මනාදන් නිදහස් කොට , උතුරේ මහා ඇමති අපේක්ෂක වශයෙන් පත් කිරීමට සුදානම්  - පුවතක් 

Oct 21, 2012

ඇවිදින් අරන් යන්න .. මතකයන් මගෙන් ...!!!

ලොවටම හොරෙන් 
බැදුනෙමි පෙමින්....
සිතටත් හොරෙන් ඔබ 
සැගවී ගොසින් ...
කදුලැල් ගලා විත් ..
නෙතටත් .. හොරෙන් ...
රිදවයි .. මයේ හිත .. 
මටමත් හොරෙන් ......

සිසිරේ .. සීතලේ 
උනුහුමට තුරුලටම අරන්..
සිප ගත්ත ඔබේ මුහුණ බොද වී ගිහින් ...
සිත්තමක් සේ මතකයන් .. අපේ 
රිදවයි .. මයේ සිත .... මටමත් හොරෙන් ..

ආයෙමත් නුබ එන්න .. පෙර දා ලෙසින් ..
ඇවිදින් අරන් යන්න .. 
මතකයන් මගෙන් ...!!!

Sep 30, 2012

නික්ම යන්න ඔබ .....

සුදු රෝස මල්
මට එපා....
හැම දාම ආදරෙන්
ඔබ දුන්න ,,
හිනහව විතරක්ම .. මට දෙන්න අදත්...
පසක් නොවන්නේ ඇයිද ..
මායිමක් නැති බව .. ආදරයට මෙන්ම මරණයටත් .....
ඉතින් ...
නික්ම යන්න ඔබ ...
මළ හිරු බසිනා .. මේ හැන්දෑවත්
සුන්දරයි මට නම් .. ..
ඉතින් 
නුබ නික්ම යන්න ...
සුසානයෙන් ....
උනුහුමට ගිලිහුන කදුලක් 
ඉතිරි කොට .. මගේ ළඟ තනියට ...

හෙට හිමිදිරියේ 
ඔබ ලඟට විත් දැවටෙවී..
මගේ සුසුමන් ..
කොදුරා කියාවි .. මා ඔබට පෙම් කල බව ..
පසක් කොට ගනු මැනවි ... මා ඔබට පෙම් කල බව ඉදුරාම ..

රෑ අහසේ 
ඔබට ඉහලින් 
සහස් වූ තරු අතර 
තරුවක්ව 
බලා ඉන්නෙමි සෙනෙහසින් ...

ඉතින් .. මා දමා මෙහි 
නික්ම යන්න ඔබ .....

Aug 31, 2012

ඔබෙන් සමු ගැනීම සදහා අවසර පතමි උතුමාණෙනි !!!



















මරණයේ 
දොරකඩට ගොස් ....
සිංහ පුතෙකුගේ එඩි පෙන්වා 
යලි පැමිණි නුබ 
රණ බිමේ..
කොල්ලෙනි 
'නොහැක්කක් නොමැත'
මහා හයියෙන් මොර දුන්න නුබ..
සතුරු බලමුළු 
සුනු විසුනු කොට ...
මවු බිමේ .... නාමයෙන් 
අණ දුන්න සොදුරුතම සෙන්පතියාණෙනි ...
සංග්‍රාම භුමියේ .. උරෙනුර ගැටී ..
එකා පිට එකා මැරුණත් 
අරමුණෙන් පිට නොයන හැටි 
කියා දුන් ... විරුවාණෙනි
කිසිදි කිසි විට .. පසු නොබැස ගිය නුබ 
නික්ම ගොස් ඇත .. ජීවිත බිමෙන්..
ඉඩ නොතියාම .. කිසිත් .. කියන්නට 
මව් බිමේ උරුමය වෙනුවෙන් 
අභිතව 
යුධ වැදුන නුබ 
මිහිදන්න්ව ඇත .. බොහෝ දුරකින් ..
'උතුමාණෙනි'
සමු ගැනීම සඳහා සියල්ල සම්පුර්ණයි'
ඔබෙන් සමු ගැනීම සදහා 
අවසර පතමි 
උතුමාණෙනි !!!!


ප.ලි. : - මේජර් ජෙනරාල් සමන්ත සුරියබණ්ඩාර, යනු ශ්‍රී ලංකා යුධ හමුදා කොමාන්ඩෝ බලකායේ සුවිශේෂිතම චරිතයක් විය, අවසන් මෙහෙයුම ආරම්භයේදී 53 වෙනි සේනාංකයට අණ දුන් එතුමා, අති දක්ෂ කොමාන්ඩෝ විරුවෙක් විය. 
දේශපාලන හේතුන් මත සේවා කාලය තවත් වසර 10 කට වඩා ඉතිරිව තිබියදී දඩුවම් විශ්‍රාම ගැන්වූ ඒතුමා, තම දිවි දෙවෙනි කොට රැකි මාතෘ භුමිය හැර ඕස්ට්‍රිලියාවේ පදිංචියට යාමට සිදු වුයේ , තමාට හිමි විශ්‍රාම වැටුම පවා නොලැබුන තත්වයක් මත වීම , සහ අඩුම තරමේ ඔහුද එක් වී රැක දුන් මව් බිමේ මිහිදන් වීම පවා අහිමි වීම. කොතරම් ශෝචනීයද???
උදේ හවස රණ විරුවන් ගැනම සිතන , රණ විරුවන් පුදන දේශයක සැබෑ රණ විරුවන් අකාලයේ දැයෙන් වෙන් කිරීම .. දේශ ප්‍රේමයද? 

Aug 27, 2012

සිහිවටනය

පැය ගණන් 
දින ගණන් ..
සති  ගණන් ..
ඔබේ ආදරේ ඉල්ලන්න 
පෙරුම් පුරපු මට ..
උබත් පිටු පෑව සඳ ..
සිහිවටනයක් සේ 
ඉතිරුවුන 
රතු බිල ..
තුරුළු කරන්
හඩමි මම ..
බිල දරා ගන්නට බැරිව ...

Aug 22, 2012

උඹට වැඩියෙන් රිදෙන්නේ ..මගේ හිත ..


තවමත් ඉස්සර වගේ 
තමයි ..
වචනයක් .. දෙකක් එකට අමුනගෙන 
ගොත නොගහ ..
උඹත් එක්ක කතා කරන්නේ 
බොහොම අමාරුවෙන් ....
උබේ ඉස්සරහ 
හිටන් ඉන්න එක මොහොතක් 
මට දැනෙන්නේ ..
කල්පයකට සක්වලම 
එකම තැනක නැවතිලා වගේ ...
තාත්තෙක් නැති ගානට  වැටුන 
මගේ ලෝකේ ..
ඇත්තටම  උඹ  මට අප්පුච්චෙක් ..
ඇස් දෙකට පෙන්නන්න බැරි උනත්  උඹට මාව 
හොරෙන් හරි උබේ පස්සෙන් වැටෙන්නේ 
හිත හයිය නැති නිසා මගේ ...  උඹ නැතුව ඉන්න ..
එත් 
හිත හයිය  උඹ .. .. 
ගත වාරු නැති කල ...
අමාරුවෙන් ඔහොම වරු අරගෙන ඇවිදින කොට ..
උඹට වැඩියෙන් රිදෙන්නේ ..මගේ හිත ..
මගේ ආයුෂත් අරගෙන 
ඉක්මනට 
හොඳ වෙයන්...
ලොකු අයියේ ..
අමාරුයි මට මේ දුක දරන්න ...

Jul 21, 2012

ආයෙමත් වතාවක් හමු නොවේවි අපි..

ආයෙමත් වතාවක් 
හමු නොවේවි අපි..
ආයෙමත් වතාවක් ..
ඔබේ ළඟ දැවටිලා .. හිනාවකින් හිත පුරවාගෙන 
සැනසෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
තොර තෝංචියක් නැතිව ..
හිතුමතේ දොඩවන්න ..
මොහොතකට නැවතිලා .. ඇස් දෙකට එබිකම් කරන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
ආදරේ වැඩි කමට රිදුන හිත ... කාටත් හොරෙන් කඳුළු කැටවලින් 
තෙමන්න ..
ඒ කඳුළු කැට හංගලා .. ආයෙමත් හිනාවෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
කියා ගන්න බැරි වෙච්චි .. කතාවක ඉතිරි ටික 
කියා දෙන්න .. 
ආයෙමත් වතාවක් . හමු නොවේවි අපි ,
ඉතින් මට ආදරෙන් සමු දෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවන්නට 
නික්ම යන්නට .. මතකය 
විතරක්ක්ම ඉතිරි කොට ...