තුන් සිත
සිතිවිලි .... පමණක් නොවූ ... ජීවිතය ...
Pages
Home | මුල් පිටුව
ඇයි? මොකද? මොකටද?
Apr 28, 2013
ජීවිතය ලිස්සන බව .....
සුදෝ සුදු
හිම මත
අඩිය තිය තිය සීරුවට
අවිදයන විට ...
පසක් විය මට ලස්සන යුරෝපයේද
ජීවිතය
ලිස්සන බව ..
දමා තිබුනත් .. මිල අධික
සපත්තු දෙපයට ....
කස්සප නොකී කවියක් ..
අප්සරා ..
උබේ සිතුවම්
ඇන්ද තෙලි තුඩින්...
ඇනගෙන මැරෙන්නට හිතෙනවා
මට,
මුන් උබව
විකුණගෙන කන හැටි
දැක්කහම...
Apr 9, 2013
සිනාසෙමි මා .. හඩන්නට නොහැකි හන්දා ...
හිතට වද දෙන
හැගුම් හංගා
සිනාසුනි මා
හඩන්නට නොහැකි හන්දා ..
වස්සානය තව දුර නිසා..
ගිම්හානයට නුබ පෙම් කලා
පමාවී වසන්තය එන කලට..
ගිම්හානයට නුබ වියලිලා ...
සඳ පින්නට
දුක කියමි සුසුම් පා .. කර
හිත ලගට ගුලි කරන් සිප ගනිමි
ආදරෙන් මතක සැමරුම් ...
සිනාසෙමි මා .. හඩන්නට
නොහැකි හන්දා ...
Apr 6, 2013
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...
උපන්නේ අපි එක බඩ වැල කඩාගෙන
දුවන්නේ එකම ලෙයයි .. අපේ ගත පුරාවට ..
ගැහෙන්නේ එකම ගැස්මයි ..
හදවත පුරාවට ...
අප්පෙක් නැති එකා හට
නුබ වුනි අප්පා ...
තවමත් බය හිතෙනවා
බලනා විට පුප්පා ...
නැවතුන නිසා මගේ හිත
කොහෙද දුර..
විරසක වෙලා.. ඇයි මේ රවාගෙන..
කන් දෙන්නට මට තවමත් නැතිද හිත..
පැල්පත උබ දකිනා මගේ
දැනෙන්නේ මැදුරක් ලෙසට අගේ..
හිත ගිය තැන හැදු මාලිගාව මයේ ..
එන්නේ කෙලෙස දමා .. පොඩියක් හිතපන්කෝ දෙයියෝ මයේ ..
අයියන්ඩියේ නුබ රජ කම් කරන දින...
අත වැසි කම් කරන එක .. සැපයි මට...
හිරවෙලා මම දෙලොවක් අතර අද..
දරන්නට බැහැ .. මේ දැනෙන දුක ..
දැනෙනා හැමදේම ලියන්නට ..
පද නෑ මට .. අයියේ .. බදින්නට
මට මා නැතත් ... නුබ වෙනුවෙන් මම ඉන්නේ..
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...
Mar 29, 2013
ලැජ්ජා වෙන්නේ මොකටද බොලව් .....
කරුණා ඇවිත්
කියපන් මට...
මක්කවත් අඩු දැයි කියලා...
නෙලෙලා නොවැ
පිළිම ටික .. ලෙසටම ... අරන්තලාවේ
පිල්ලේ ..
බලාපන්
කොටපු මාන්න පාරවල් වලින්
එනවද කියල තවමත්
ලේ රතුම රතු පාටට ..
ලැජ්ජා වෙන්නේ මොකටද
බොලව් .. මටත් එහෙව් එකක් නැති කල ...
සටහන : අරන්තලාවේ භික්ෂුන් සමුල ඝාතනය සිදු වූ සැටි දැක් වෙන ස්මාරකයක් ජනාධිපතිතුමන් අතින් විවෘත කරන අයුරු විවිධ මාධ්‍ය මගින් දුටුවෙමි. සැබවින්ම එහි ඇති කෞතුක වටිනා කම මට නොවැටහේ. මන්දයත් එය නැවත වරක් මතක් කරමින් අපට ලබාගන්නට ශේෂව ඇත්තේ කුමක් දැයි මම නොදනිමි.
Mar 10, 2013
එක තැන නැති මයේ .. හිත
ඔබ ගැන
හිත හිත ලතවෙන හිත
නවතින තැන ..
කොතැනක වේද ...
නොදනිමි මා...
ඒ නවතින හිත ලග ඔබ නැති වග
හිත තව නැත පිලි අරගෙන
හෙට යලි නුබ එන විට ...
එක තැන නැති මයේ .. හිත
නැත අද නැවතුන තැන .........!
පින්තුර හොරකම් කලේ : http://www.parkeronline.org/index.aspx?nid=853
Feb 7, 2013
නොයෙව්වා නම් පිටරට ...!!!
අරාබියේ
හම්බයෝ ..
ගෙවල් වල වැඩ කර ගන්න හැටි
බලන්න තිබුන ..
සිංහල මම
නොයවන්න
මගේ ගෑණිව
හලාල් කොට ..
පිටරට... !!!
බිරිදව , නැගණියව , හලාල් කර රට පටවා , හලාල් නැති රටක් හොයන , රටක අභිමානවත් පිරිමි උදහස් නොවෙත්වා .
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)