වතුර වෙනුවට
උණ්ඩ
ඊට පස්සේ
ගැලවෙන තරු පටි ...
කිරිපිටි
එක්ක දොරේ ගලන
ජාති ආලය ...
අන්තවාදය ...
තලලා පොඩි
කරන මල් කැකුළු ..
ලාබෙටම විකිනෙන ..
බල්ලොත් නගින
පෝරුව ළඟ
ඉකිබිදින
පිල්ලේ - මර්වින්
වැඩි පඩි නැතත්
දුර දුවන් යාල් දේවි
හිත ළඟ ඉදන්
අහස අල්ලන්න
විනාඩි විස්සෙන් යන්න .. අධි වේගේ
කණ ලඟින් පියාබන
වෙඩි උණ්ඩ
බස් නැතත්
සුදු වෑන් ඇත යන්න ..
මේ ඔක්කොම
හිර කරන්
මගේ හිස් ගෙඩියේ
නිදමි මම ..තුරුළු කරගෙන
දේශ ප්‍රේමය ....
Aug 31, 2013
නොතේරෙන බව උබව
වැස්ස
ඇති තරම්
හඩන්න ...
පොළොවට දැනෙන්න ..
කවදම හරි දවසක
උබටම තේරුම් යාවි
උබ කොච්චර හැඩුවත්
නොතේරෙන බව උබව
උබ ලඟම
ඉන්න
අහසට .....
ඇති තරම්
හඩන්න ...
පොළොවට දැනෙන්න ..
කවදම හරි දවසක
උබටම තේරුම් යාවි
උබ කොච්චර හැඩුවත්
නොතේරෙන බව උබව
උබ ලඟම
ඉන්න
අහසට .....
Jun 20, 2013
Apr 28, 2013
ජීවිතය ලිස්සන බව .....
කස්සප නොකී කවියක් ..
Apr 9, 2013
සිනාසෙමි මා .. හඩන්නට නොහැකි හන්දා ...
Apr 6, 2013
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...
උපන්නේ අපි එක බඩ වැල කඩාගෙන
දුවන්නේ එකම ලෙයයි .. අපේ ගත පුරාවට ..
ගැහෙන්නේ එකම ගැස්මයි ..
හදවත පුරාවට ...
අප්පෙක් නැති එකා හට
නුබ වුනි අප්පා ...
තවමත් බය හිතෙනවා
බලනා විට පුප්පා ...
නැවතුන නිසා මගේ හිත
කොහෙද දුර..
විරසක වෙලා.. ඇයි මේ රවාගෙන..
කන් දෙන්නට මට තවමත් නැතිද හිත..
පැල්පත උබ දකිනා මගේ
දැනෙන්නේ මැදුරක් ලෙසට අගේ..
හිත ගිය තැන හැදු මාලිගාව මයේ ..
එන්නේ කෙලෙස දමා .. පොඩියක් හිතපන්කෝ දෙයියෝ මයේ ..
අයියන්ඩියේ නුබ රජ කම් කරන දින...
අත වැසි කම් කරන එක .. සැපයි මට...
හිරවෙලා මම දෙලොවක් අතර අද..
දරන්නට බැහැ .. මේ දැනෙන දුක ..
දැනෙනා හැමදේම ලියන්නට ..
පද නෑ මට .. අයියේ .. බදින්නට
මට මා නැතත් ... නුබ වෙනුවෙන් මම ඉන්නේ..
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...
දුවන්නේ එකම ලෙයයි .. අපේ ගත පුරාවට ..
ගැහෙන්නේ එකම ගැස්මයි ..
හදවත පුරාවට ...
අප්පෙක් නැති එකා හට
නුබ වුනි අප්පා ...
තවමත් බය හිතෙනවා
බලනා විට පුප්පා ...
නැවතුන නිසා මගේ හිත
කොහෙද දුර..
විරසක වෙලා.. ඇයි මේ රවාගෙන..
කන් දෙන්නට මට තවමත් නැතිද හිත..
පැල්පත උබ දකිනා මගේ
දැනෙන්නේ මැදුරක් ලෙසට අගේ..
හිත ගිය තැන හැදු මාලිගාව මයේ ..
එන්නේ කෙලෙස දමා .. පොඩියක් හිතපන්කෝ දෙයියෝ මයේ ..
අයියන්ඩියේ නුබ රජ කම් කරන දින...
අත වැසි කම් කරන එක .. සැපයි මට...
හිරවෙලා මම දෙලොවක් අතර අද..
දරන්නට බැහැ .. මේ දැනෙන දුක ..
දැනෙනා හැමදේම ලියන්නට ..
පද නෑ මට .. අයියේ .. බදින්නට
මට මා නැතත් ... නුබ වෙනුවෙන් මම ඉන්නේ..
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...
Subscribe to:
Posts (Atom)






