Oct 28, 2012

අනේ ... මේ අහිංසකය මක් කොරන්නද?


උඹලා 
මහා පව් කාරයෝ ..
බලපල්ලා ..
උඹලා හිතක් පපුවක් 
නැති 
අමුම අමු තිරිසන්නු ..
ඒ අහිංසක 
උත්තමයා .. මහන්සියෙන් 
හම්ඹු කරපු සල්ලි ..
අර මැරිච්ච ප්‍රභාකරනුයි උගේ 
හැතිකරෙයි 
කඩා වඩා ගත්තා..
ඒ මදිවට ..
උඹලගේ හිත් වල තියෙන කුහකකමට 
උබල ඌට පද හැදුව... 
හිතපල්ලා ... කොටි වෙඩි තියල 
හමුදාවේ කොල්ලෝ මැරුණට .. ඒ අහිංසකය මක්ක කරන්නද?
උන්ට හමුදාවට යන්න කිව්වේ .. ඒ ඇත්තොද?
අර පොරිසාදයට ඉන්න බැරිවට 
බෝම්බ පුපුරෝල .. කැති ගාල මිනිස්සුන්න්ව මැරුවට ...
අනේ ... මේ අහිංසකය මක් කොරන්නද?
උඹලට ඕන වුනේ 
ඒ අහින්සකයව කොළ නැති ගහේ එල්ලන්න ..
බලන් ඉදපල්ලා ....
එව්වා කොහෙද .....
අපේ ධාර්මික රජතුමා .. ඉන්නකම් ...
තොපිට හොඳ වැඩේ ... දේශ ද්‍රෝහී හැත්ත.  ....

කේ.පි. හෙවත් කුමරන් පත්මනාදන් නිදහස් කොට , උතුරේ මහා ඇමති අපේක්ෂක වශයෙන් පත් කිරීමට සුදානම්  - පුවතක් 

5 comments:

  1. අපිට කිසි දෙයක් මතක නෑ
    ප්‍රභාකරන් මැරෙනකන් මතකයි ඊට පස්සේ මතක නෑ
    ඇහුවොත් එහෙම කියයි

    ReplyDelete
  2. අබුද්දස්ස කාලේ

    ReplyDelete
  3. ලූල නැති වලට අර මොකක්ද එක පණ්ඩිතයා කිව්වා වගේ. අදමද කොහේ මුවෝ මේ පැත්තේ ගොඩ වැදුනේ. අගේ ඇති වන රොදක් නොවෑ. වනයක් උනත් අයිති මගේ කොරලේට.




    කෝරලේ මහත්තයව බැහැ දකින්න වලව්ව පැත්තේ එන්න http://chithula.blogspot.com/

    ReplyDelete
  4. හොඳයි ඉතින් ...කවුැර කවුරැත් ඇමතිකම් ගත්තම රට නෙවැ සංවර්ධනය වේනනේ..අනේ අම්මප...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete