සුදෝ සුදු
හිම මත
අඩිය තිය තිය සීරුවට
අවිදයන විට ...
පසක් විය මට ලස්සන යුරෝපයේද
ජීවිතය
ලිස්සන බව ..
දමා තිබුනත් .. මිල අධික
සපත්තු දෙපයට ....
අප්සරා ..
උබේ සිතුවම්
ඇන්ද තෙලි තුඩින්...
ඇනගෙන මැරෙන්නට හිතෙනවා
මට,
මුන් උබව
විකුණගෙන කන හැටි
දැක්කහම...
හිතට වද දෙන
හැගුම් හංගා
සිනාසුනි මා
හඩන්නට නොහැකි හන්දා ..
වස්සානය තව දුර නිසා..
ගිම්හානයට නුබ පෙම් කලා
පමාවී වසන්තය එන කලට..
ගිම්හානයට නුබ වියලිලා ...
සඳ පින්නට
දුක කියමි සුසුම් පා .. කර
හිත ලගට ගුලි කරන් සිප ගනිමි
ආදරෙන් මතක සැමරුම් ...
සිනාසෙමි මා .. හඩන්නට
නොහැකි හන්දා ...
උපන්නේ අපි එක බඩ වැල කඩාගෙන
දුවන්නේ එකම ලෙයයි .. අපේ ගත පුරාවට ..
ගැහෙන්නේ එකම ගැස්මයි ..
හදවත පුරාවට ...
අප්පෙක් නැති එකා හට
නුබ වුනි අප්පා ...
තවමත් බය හිතෙනවා
බලනා විට පුප්පා ...
නැවතුන නිසා මගේ හිත
කොහෙද දුර..
විරසක වෙලා.. ඇයි මේ රවාගෙන..
කන් දෙන්නට මට තවමත් නැතිද හිත..
පැල්පත උබ දකිනා මගේ
දැනෙන්නේ මැදුරක් ලෙසට අගේ..
හිත ගිය තැන හැදු මාලිගාව මයේ ..
එන්නේ කෙලෙස දමා .. පොඩියක් හිතපන්කෝ දෙයියෝ මයේ ..
අයියන්ඩියේ නුබ රජ කම් කරන දින...
අත වැසි කම් කරන එක .. සැපයි මට...
හිරවෙලා මම දෙලොවක් අතර අද..
දරන්නට බැහැ .. මේ දැනෙන දුක ..
දැනෙනා හැමදේම ලියන්නට ..
පද නෑ මට .. අයියේ .. බදින්නට
මට මා නැතත් ... නුබ වෙනුවෙන් මම ඉන්නේ..
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...