Dec 9, 2013

මගුල් පෝරුව තව දුරයි ...

ඇය  .. මගෙයි 
මම .. ඇයගෙමයි ..
අපි 
දිකින හීන ..
එළිවෙන තුරා .. විතරමයි..
ඔරලෝසුවේ කටු අතර 
දින පොතේ පිටු අතර 
දියව යයි....
කල වයස...
කතරකට වහින වැසි 
නොම වහින හැටි 
මහා උන්ගේ 
හිත්  වලට..
ගල් වෙච්ච හිත් 
උන්ගේ .. යාන්තමට .. තෙත් 
නොවෙන කම්..
මගුල් පෝරුව  
තව දුරයි ...

Nov 19, 2013

ගල් ගසා මරාපන් ඒ වෙසගනව ..


ගල් ගසා

මරාපන්

වෙසගනව ..
මොර ගසති
සුදනෝ ... එක සීරුවට
'කිසි පවක්  නොකළේ යැයි'
සිතන
උන්
පොරකමින්
තෝරති .. හොද රවුම් ගල්
අමතකව ඇත
උන්ට
හෙට දිනේ
ඒ ගල්  ගෙඩිම
වදින බව
උන්ගේ
ඔළුවලටම ....
උන් වගේම
තව
උන්ගෙන් ....

ආදරය සොයනා...

සීතලට හැකිලිච්ච සිත තවම 
තියෙනා ...
සිත ලගින් ඉගිලිච්ච නුබව සිත 
සොයනා ..
තනිවෙච්ච දින ගණන 
අමතකව තිබුණා ...
පරවෙච්ච පෙති අතර 
ආදරය සොයනා  ...


Aug 31, 2013

හිස් ගෙඩියේ

වතුර වෙනුවට 
උණ්ඩ 
ඊට පස්සේ 
ගැලවෙන තරු පටි ...
කිරිපිටි 
එක්ක දොරේ ගලන 
ජාති ආලය ...
අන්තවාදය ...
තලලා පොඩි 
කරන මල් කැකුළු ..
ලාබෙටම විකිනෙන ..
බල්ලොත් නගින 
පෝරුව ළඟ 
ඉකිබිදින 
පිල්ලේ - මර්වින් 
වැඩි පඩි නැතත් 
දුර දුවන් යාල් දේවි 
හිත ළඟ ඉදන් 
අහස අල්ලන්න 
විනාඩි විස්සෙන් යන්න .. අධි වේගේ 
කණ ලඟින් පියාබන 
වෙඩි උණ්ඩ 
බස් නැතත් 
සුදු වෑන්  ඇත යන්න ..
මේ ඔක්කොම 
හිර කරන් 
මගේ හිස් ගෙඩියේ 
නිදමි මම ..තුරුළු කරගෙන 
දේශ ප්‍රේමය ....  

නොතේරෙන බව උබව

වැස්ස 
ඇති තරම් 
හඩන්න  ...
පොළොවට  දැනෙන්න ..
කවදම හරි දවසක 
උබටම තේරුම් යාවි 
උබ කොච්චර හැඩුවත්  
නොතේරෙන බව උබව 
උබ ලඟම 
ඉන්න 
අහසට .....

Jun 20, 2013

අනේ මේ හරක් රැල ......

පා ගමන් 
එන කල 
මගදී දැක 
අම්බලමේ පිනාලව 
එලව එලවා 
අනිති
අනේ මේ 
හරක් රැල .......

Apr 28, 2013

ජීවිතය ලිස්සන බව .....

සුදෝ සුදු 
හිම මත 
අඩිය තිය තිය සීරුවට 
අවිදයන විට ...
පසක් විය මට ලස්සන යුරෝපයේද 
ජීවිතය 
ලිස්සන බව ..
දමා තිබුනත් .. මිල අධික 
සපත්තු දෙපයට ....

කස්සප නොකී කවියක් ..

අප්සරා ..
උබේ සිතුවම් 
ඇන්ද  තෙලි තුඩින්...
ඇනගෙන  මැරෙන්නට හිතෙනවා 
මට, 
මුන් උබව 
විකුණගෙන කන හැටි 
දැක්කහම...


Apr 9, 2013

සිනාසෙමි මා .. හඩන්නට නොහැකි හන්දා ...

හිතට වද දෙන 
හැගුම් හංගා 
සිනාසුනි මා 
හඩන්නට නොහැකි හන්දා ..

වස්සානය තව දුර නිසා..
ගිම්හානයට නුබ පෙම් කලා 
පමාවී වසන්තය එන  කලට..
ගිම්හානයට නුබ වියලිලා ...

සඳ පින්නට 
දුක කියමි සුසුම් පා .. කර 
හිත ලගට ගුලි  කරන්  සිප ගනිමි 
ආදරෙන් මතක සැමරුම් ...

සිනාසෙමි මා  .. හඩන්නට  
නොහැකි හන්දා ...

Apr 6, 2013

මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...

උපන්නේ අපි එක බඩ වැල කඩාගෙන 
දුවන්නේ එකම ලෙයයි .. අපේ ගත පුරාවට ..
ගැහෙන්නේ එකම ගැස්මයි .. 
හදවත පුරාවට ...

අප්පෙක් නැති එකා හට
නුබ වුනි අප්පා ...
තවමත් බය හිතෙනවා
බලනා විට පුප්පා ...

නැවතුන නිසා මගේ හිත 
කොහෙද දුර..
විරසක වෙලා.. ඇයි  මේ රවාගෙන..
කන් දෙන්නට  මට තවමත් නැතිද හිත..

පැල්පත උබ  දකිනා මගේ 
දැනෙන්නේ මැදුරක් ලෙසට අගේ..
හිත ගිය තැන හැදු මාලිගාව මයේ ..
එන්නේ කෙලෙස  දමා .. පොඩියක්  හිතපන්කෝ දෙයියෝ මයේ ..


අයියන්ඩියේ  නුබ රජ කම් කරන දින...
අත වැසි කම්  කරන එක .. සැපයි මට...
හිරවෙලා මම දෙලොවක් අතර අද..
දරන්නට බැහැ  .. මේ දැනෙන දුක ..

දැනෙනා  හැමදේම ලියන්නට ..
පද නෑ  මට .. අයියේ .. බදින්නට 
මට මා නැතත් ... නුබ වෙනුවෙන් මම ඉන්නේ..
මම කියනා දේත් පොඩියක් අහපන්නේ ...

Mar 29, 2013

ලැජ්ජා වෙන්නේ මොකටද බොලව් .....

කරුණා  ඇවිත්
කියපන් මට...
මක්කවත්  අඩු දැයි කියලා...
නෙලෙලා  නොවැ
පිළිම ටික .. ලෙසටම ... අරන්තලාවේ
පිල්ලේ ..
බලාපන්
කොටපු මාන්න පාරවල් වලින්
එනවද කියල තවමත්
ලේ රතුම රතු පාටට ..
ලැජ්ජා  වෙන්නේ මොකටද
බොලව්  .. මටත් එහෙව් එකක්  නැති කල ...










සටහන : අරන්තලාවේ භික්ෂුන් සමුල ඝාතනය සිදු වූ සැටි දැක් වෙන ස්මාරකයක් ජනාධිපතිතුමන් අතින් විවෘත කරන අයුරු විවිධ මාධ්‍ය මගින් දුටුවෙමි.  සැබවින්ම එහි ඇති කෞතුක වටිනා කම මට නොවැටහේ. මන්දයත් එය නැවත වරක් මතක් කරමින් අපට ලබාගන්නට ශේෂව ඇත්තේ කුමක් දැයි මම නොදනිමි.

Mar 10, 2013

එක තැන නැති මයේ .. හිත

ඔබ ගැන 
හිත හිත  ලතවෙන හිත 
නවතින තැන ..
කොතැනක වේද ...
නොදනිමි මා...
ඒ නවතින හිත ලග ඔබ නැති වග 
හිත තව නැත පිලි අරගෙන 
හෙට යලි නුබ එන විට ...
එක තැන නැති මයේ .. හිත
නැත අද නැවතුන තැන .........!







පින්තුර හොරකම් කලේ : http://www.parkeronline.org/index.aspx?nid=853

Feb 7, 2013

නොයෙව්වා නම් පිටරට ...!!!

අරාබියේ 
හම්බයෝ ..
ගෙවල් වල වැඩ  කර ගන්න හැටි 
බලන්න තිබුන ..
සිංහල මම 
නොයවන්න 
මගේ ගෑණිව 
හලාල්  කොට ..
පිටරට...  !!!




බිරිදව , නැගණියව , හලාල්  කර  රට පටවා , හලාල්  නැති රටක්  හොයන , රටක  අභිමානවත් පිරිමි  උදහස් නොවෙත්වා .