ඇයි? මොකද? මොකටද?


මේ විදියට බ්ලොග් එකක් කරන්න හිතුනේ, මම හැමදාම ආස කල කවි සිතුවිලි , විවිඩ අවස්ථා සහ සිදුවීම් නිසා දැනුන / හැගුන හැගීම් නිසා බිහි වුන නිර්මාණ එකතුවක් කරන්න හිතුන නිසා.බොහෝ විට නිර්මාණ ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන භාෂාව ඉතා සරල විදිහට යොදා ගන්න මම හිතුවා, ඒ හැමෝටම එක වගේ මගේ බ්ලොග් එකේ පලවෙන දේවල් තේරුම් ගන්න, රස විදින්න පුළුවන් වෙන්න. තව දෙයක් තමයි සමහර විට නිර්මාණ වල ව්‍යාකරණ වැරදි , ණ න, ල ළ බේද තියේවි, තවත් සමහර නිර්මාණ අච්චාරු භාෂාවෙන් (සිංග්ලිෂ්) වලින් තියේවි. ඉතින් මගේ අතින් වෙන වැරදි කාරුණිකවවිද දරා ගෙන මගේ බ්ලොග් එකත් එක්ක ඉන්න තරම් පහන් සිත් ඔබට ඇතැයි කියල මම සිතනවා.මගේ නිර්මාණ, මගේ බ්ලොග් එක ගැන , ඔගොල්ලගේ අදහස් / යෝජනා / චෝදනා .. නාමිකව හෝ නිර්නාමිකව මට කොමෙන්ට් (comment ) මගින් කියන්න, ඒ හැම දෙයක්ම මම ආදරෙන් , බොහොම සතුටින් පිලි ගන්නවා. ඒ හැම දෙයක්ම , මගේ නිර්මාණ කරණය / බ්ලොග් කරණය සාර්ථක කර ගන්නා ලොකු උදව්වක් වේවි.

මෙහි පලවන නිර්මාණයන් විටෙක ළමුන්ටම උචිත යැයි සිතිය හැකි ආකාරයේ ඒවා නොවන්නට පුළුවනි , ‘මගේ රට’, ‘මගේ ගුරුතුමී’, ‘අපේ වීරෝදාර හමුදාව’, ‘මගේ ප්‍රියතම ජනනායකයා’, ' ඉන්දියන් සාගරයේ මුතු ඇටය' , ‘මේ සිංහල අපගෙ රටයිවැනි ගැදි හෝ පැදි මෙහි නැත. බ්ලොග් එකේ පැත්තකින් සිංහ කොඩියක් දැක්වීම වැනි අපෘෂ්ඨවංශික කාලින දේශ ප්‍රේමි , දේශ මාමක වැඩ කර නැති නිසා ගහන්නට එන විට දේශප්‍රේමී සළු පිළි වලට මුවා වීමටද මට නොහැක. 
නමුත් මම දේශප්‍රේමියෙක් වෙමි , මන්දයත් මම මගේ රටට ආදරය කරන්නේ සැබවින්ම නිසාවෙනි, මගේ රට ගැන , මගේ රටේ වෙන දේවල් ගැන මට මගේ සමාජයේ වෙන දේවල් ගැන දැනෙන  නිසාවෙනි, වැරැද්දට වැරදි කියන්න මට හැකියාවක් ඇති නිසාවෙනි, මට කන්න තියෙනවා, මගේ බඩපිරි ඇති නිසා අනිත් උන්ට මක්ක වුවත් කම් නැත යයි සිතන්නට නොහැකි නිසාවෙනි. නමුත් මා කිසි විටක සුචරිතවාදියෙක් නොවූයෙමි, වන්නේද නැත.
මෙහි පලවන සමහර නිර්මාණයන් ඔබේ ආගමික, දේශපාලනික , සමාජ දර්ශනයන්ට ඉදුරා පටහැනි වන්නට පුළුවන, නමුත් එය මා සිතන හැටි , දකින හැටි නිසාවෙන් උපේක්ෂා සහගතව මගේ නිර්මාණ හෝ මා ගැන හෝ සිතන්න. 

e - mail
මගින් මාව සම්බන්ධ කර ගන්න ලියන්න  thunsitha@gmail.com