Mar 28, 2012

වයිමාගේ දුක් ගැනවිල්ල



අවසරයි 
පියාණන්වහන්ස ...
සිත දවා හළු කරන 
බොහෝ දේ නිසාවෙන් 
මහත් වූ චිත්ත පිඩා විදිමි මෙ මම 
විසදලනු මැනවි .. ලබන්නට ඇහැක මට අස්වසිලක් ..
මනු ලෝකේ 
සමගි පුර රජ කරන ..
ආඩම්බරකාර මහ රජගේ ..
ඇමැත්තෙක් වෙයි... නමින් බන්දුල ...
හැමදාම දිනන පැත්තේ ..
දින්නත් .. පැරදුනත් .....
හිත ගනු බැරිය .. කෙසේ වම් එලෙස ...
නිතර දොඩන්නේ ..ආචාරියෙකු කියා 
උගන්වන  ' ආර්ථිකය ''..
අහෝ පුදුමයකි.. පියතුමනි ..
මු උගන්වන කිසිත් නංවනු 
බැරි සැටියකි ක්‍රියාවට ....
අපේ විමනේටත් ඉහල .. උන්ගේ දේසේ ..බඩු මිල ..
වයිමා උන මටද බැරිය  හෙලන්ට පහත
පුන පුනා මු කිව්වේ .. මහා උජාරුවට ...
සමගි පුර පොඩි උන් 
විභාගයට ලිවූ කලට .. 
ලැබෙන්නේ ප්‍රථිපල සක්වලෙත් නැති..
අනුහසින් නොවේද ..මේ මහා බල ඇති බන්දුලගේ ..
අනේ ඒ පුර වැසියනට
ඇහැකි බව පන කෙන්ද අමුණ ගන්නට 
උන්ගේ කාසි 7500 න් .. එකෙක් නොව ..
තුන් දෙනෙක්ටම ..
සොයා ගත්තෙත් .. බන්දුලම නොවැ..
මුඛයෙන් විතරක් නොවැ අධෝ මුඛයෙනුත් 
කතා කරන මු....
තව කරයි බොහෝ දේ .. මට කරන්නට නොහැකි ..
අනේ පියාණෙනි ..
මට කියනු මැන
කවුද නුබේ හැබෑ පුතුණුවන් 
වයිමා වන මම නොවේ බන්දුලද????

16 comments:

  1. Replies
    1. සිංහල බ්ලොග් වල ලොකු අයියා කෙනෙක්ගෙන් මෙහෙම අහන්න ලැබෙන එකත් සතුටක්

      Delete
  2. හික් හික් හික් බන්දුලයා තමයි සක්කරයා....එළ ඈ....

    ReplyDelete
  3. සජීව ධනුද්ධරMarch 29, 2012 at 8:52 AM

    හික් හික්... සක්කරයටත් හිතා ගන්න බැරුව ඇති.. පට්ට ලියමන!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!! , මේ කට්ටිය දෙන ගේම් වලට සක්කරයව උස්සල පොලවේ ගැහුවා වගේ ඇති ...

      Delete
  4. සක්කරයගෙ පුතා වයිම ආවත් බෑ කිව්වෙ මෙයාමද ? මන් කීවෙ බඩු මිළ බස්සන්න.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්, මේ උත්තමයා තමයි එහෙම දෙයක් වැදැරුවේ

      Delete
  5. Replies
    1. තැන්ක්ස් මෙයා, දැන් උබේ පදියම ඉතුරු ඇති නේද? රුපියල් 2500 ක් විතරයිනේ වියදම..

      Delete
  6. Replies
    1. ආ මේ අපේ බටනලා මිස්නේ , බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට ...

      Delete
  7. අනේ ඕනට පයිත්තියන් බං...මට නං පේන්න බෑ සිරාවට..
    මට අහු උනොත් උල තියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඕනට නෙමේ ඕකට...සොරි හොදේ

      Delete
    2. මෙයාට විතරක් නෙවෙයි .. විල මැද බංගලාවේ සෙට් එකටම පයිත්තියන්

      Delete
  8. අසරණ අහිංසක වයිමාව ගලවගන්න සක්කර දෙයියන්ටවත් බැහැ

    ReplyDelete