Sep 30, 2012

නික්ම යන්න ඔබ .....

සුදු රෝස මල්
මට එපා....
හැම දාම ආදරෙන්
ඔබ දුන්න ,,
හිනහව විතරක්ම .. මට දෙන්න අදත්...
පසක් නොවන්නේ ඇයිද ..
මායිමක් නැති බව .. ආදරයට මෙන්ම මරණයටත් .....
ඉතින් ...
නික්ම යන්න ඔබ ...
මළ හිරු බසිනා .. මේ හැන්දෑවත්
සුන්දරයි මට නම් .. ..
ඉතින් 
නුබ නික්ම යන්න ...
සුසානයෙන් ....
උනුහුමට ගිලිහුන කදුලක් 
ඉතිරි කොට .. මගේ ළඟ තනියට ...

හෙට හිමිදිරියේ 
ඔබ ලඟට විත් දැවටෙවී..
මගේ සුසුමන් ..
කොදුරා කියාවි .. මා ඔබට පෙම් කල බව ..
පසක් කොට ගනු මැනවි ... මා ඔබට පෙම් කල බව ඉදුරාම ..

රෑ අහසේ 
ඔබට ඉහලින් 
සහස් වූ තරු අතර 
තරුවක්ව 
බලා ඉන්නෙමි සෙනෙහසින් ...

ඉතින් .. මා දමා මෙහි 
නික්ම යන්න ඔබ .....

6 comments:

  1. හරිම සංවේදියි..ලසසන නිර්මාණයක්.ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!!! අගය කිරීමට, නිතරම ඇවිත් යන්න එන්න

      Delete
  2. එල.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. හ්ම්ම්......

    ReplyDelete
    Replies
    1. මුකුත්ම නොකිය ඉන්නේ, එච්චරටම හරි නැද්ද?

      Delete