Aug 31, 2013

හිස් ගෙඩියේ

වතුර වෙනුවට 
උණ්ඩ 
ඊට පස්සේ 
ගැලවෙන තරු පටි ...
කිරිපිටි 
එක්ක දොරේ ගලන 
ජාති ආලය ...
අන්තවාදය ...
තලලා පොඩි 
කරන මල් කැකුළු ..
ලාබෙටම විකිනෙන ..
බල්ලොත් නගින 
පෝරුව ළඟ 
ඉකිබිදින 
පිල්ලේ - මර්වින් 
වැඩි පඩි නැතත් 
දුර දුවන් යාල් දේවි 
හිත ළඟ ඉදන් 
අහස අල්ලන්න 
විනාඩි විස්සෙන් යන්න .. අධි වේගේ 
කණ ලඟින් පියාබන 
වෙඩි උණ්ඩ 
බස් නැතත් 
සුදු වෑන්  ඇත යන්න ..
මේ ඔක්කොම 
හිර කරන් 
මගේ හිස් ගෙඩියේ 
නිදමි මම ..තුරුළු කරගෙන 
දේශ ප්‍රේමය ....  

1 comment:

  1. සුදු මුවෝ......මිනිස්සුන්ව පිස්සෝ කරලා තියෙන්නේ.

    ReplyDelete