
සමා වුව මැනවි..
තෙල් , මල් , අරන් ආවත්
පන්සලට ..
හිතේ තවමත් සද්ධාවක් නම් නෑ..
මයේ හිතේ.
වෙසක් දවසේ ..
පන්සලට විත් .
බොහොම බැතියෙන්
මල් පූජා කරන්න ..
ගෙදර උන්දැත් එක්ක ...
බලන් හිටියා මම.
එත් ඊයේ රෑ ........
ආයෙමත් මුන් ගැහුවනෙ .. අපේ බඩට ..
අනේ අම්මපා .. හෙනම ගහපන් ඕකුන්ට ...
ඇත්තමයි අහු වුනොත් ඕකුන්ව
මරා ගෙන මැරෙනවා ..
අනේ
සමා වෙන්න බුදු හිමියනි ..
කොහොමද හිත වාවන්නේ
දැනෙනවා නොව
මටත් බඩගින්න ..
ඊට වැඩියෙන් දෙනෙනවා නොව
මට මගේ
පොඩි උන්ගේ බඩගින්න ...
Original image: http://www.sethskim.com/2010/02/22/cognitive-dissonance/man-thinking/
අවාසනාවට ඇත්ත කතාව :(
ReplyDelete