Oct 21, 2012

ඇවිදින් අරන් යන්න .. මතකයන් මගෙන් ...!!!

ලොවටම හොරෙන් 
බැදුනෙමි පෙමින්....
සිතටත් හොරෙන් ඔබ 
සැගවී ගොසින් ...
කදුලැල් ගලා විත් ..
නෙතටත් .. හොරෙන් ...
රිදවයි .. මයේ හිත .. 
මටමත් හොරෙන් ......

සිසිරේ .. සීතලේ 
උනුහුමට තුරුලටම අරන්..
සිප ගත්ත ඔබේ මුහුණ බොද වී ගිහින් ...
සිත්තමක් සේ මතකයන් .. අපේ 
රිදවයි .. මයේ සිත .... මටමත් හොරෙන් ..

ආයෙමත් නුබ එන්න .. පෙර දා ලෙසින් ..
ඇවිදින් අරන් යන්න .. 
මතකයන් මගෙන් ...!!!

5 comments:

  1. කාටද කිව්වෙ ඈ? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කිව්වොත් , ගෙදරින් කාලා හමාරයි ...

      Delete
  2. අනේ මන්ද..හිත රිදවන කතාමයි හිත රිදුන වෙලාවක..

    ReplyDelete
  3. මටත් හිතෙනවා හිරු මම ලියන ඒවා විරහව විතරක්ම කියල , එත් මොනවා කරන්නද මම ලියන්නේ මට දැනෙන දේනේ ..වෙන්න ඕනත් එකනේ..

    ReplyDelete