Mar 29, 2013

ලැජ්ජා වෙන්නේ මොකටද බොලව් .....

කරුණා  ඇවිත්
කියපන් මට...
මක්කවත්  අඩු දැයි කියලා...
නෙලෙලා  නොවැ
පිළිම ටික .. ලෙසටම ... අරන්තලාවේ
පිල්ලේ ..
බලාපන්
කොටපු මාන්න පාරවල් වලින්
එනවද කියල තවමත්
ලේ රතුම රතු පාටට ..
ලැජ්ජා  වෙන්නේ මොකටද
බොලව්  .. මටත් එහෙව් එකක්  නැති කල ...










සටහන : අරන්තලාවේ භික්ෂුන් සමුල ඝාතනය සිදු වූ සැටි දැක් වෙන ස්මාරකයක් ජනාධිපතිතුමන් අතින් විවෘත කරන අයුරු විවිධ මාධ්‍ය මගින් දුටුවෙමි.  සැබවින්ම එහි ඇති කෞතුක වටිනා කම මට නොවැටහේ. මන්දයත් එය නැවත වරක් මතක් කරමින් අපට ලබාගන්නට ශේෂව ඇත්තේ කුමක් දැයි මම නොදනිමි.

1 comment:

  1. අැත්තටම අහන්න තියෙන්නේ මුන්ට පිස්සුද? නැතිනම් හැටිද? රු. කෝටි තුනහමාරක් වැය කොට ඉදිකලා යයි කියන මේ සමයමේ අැති අර්ථය කුමක්දැයි මටත් නොවැටහේ.ජාතීන් අතර සාමය ගොඩනැගීමේ ක්‍රියා පිලිවෙතක් අනුගමනය කලයුතු මොහොතක නරඹන්නන්ගේ ෙවෙරයට පාත්‍ර වන මෙවැනි දසුන් සමාජයෙන් ඉවත්කල යුතු වුවත් මහජන මුදල් විනාශ කරමින් මෙවැනි විගඩම් කරන්නේ අැයිදැයි නොවැටහේ. තමන්ගේි නොහැකියාව වසා ගැනීමට මෙවැනි දේශපාලන විජ්ජාවන් කරමින් දේශප්‍රේමය තවතවත් මර්කට් කිරීමට ගන්න නිර්ලජ්ජිත උත්සාහයක් ලෙසයි මටනම් පෙනෙනනේ.
    ඊයේ තවත් මෙවැනි විගඩමක් මා නිව්ස් තුලුන් දුටුවා. ඒනම් ඒක් ලමයෙකුට රු.ලක්ෂ 70 ගනනේ ෙවෙද්‍යය සිසු සිසුවියන් දස දෙනෙකුට මාලඹේ පෞගලික ෙවෙද්‍යය විද්‍යාලයට ශිෂ්‍යත්ව 10ත් පිරි නැමීමයි. රජයේ විදමින් පෞගලික අාතනයකට ශිෂ්‍යත්ව ලබාදෙන මෙවැනි ගොන් වහන්සේලාට දියයුතු දඩුවම කුමක්ද? ඒ ලක්ෂ 700 රජයේ ෙවෙද්‍යය විද්‍යාලයකට පිරිනමා ඒ සිසුන් දසදෙනා ඒයට අැතුලත් කලානම් සිදුවන යහපත කොතෙක්ද?

    ReplyDelete