Apr 25, 2012

මේ රෑ අහසේ සඳක් වී මට පේනවද?

දෙනෝ දාහක් 
එක පොදියේ ...
එත් මට මහා තනිකමක් දැනෙනෙවා
අම්මේ ...
හිතට වද දෙන ..
නින්ද නැති මේ රෑ..
උනුහුමට ගුලි වෙන්න 
අම්මේ නුබේ තුරුලේ ...
තවම මම ආසයි ..
මුළු ගතේ විරියෙන්..
වැළඳගෙන .
මට නේද වැඩියෙන් ආදරේ ...
අහන්න 
මම තවම ආසයි ..
වලංගු නැති හිත 
දඩබ්බර කම් කරද්දී .
මහා හයියෙන් කෑගසන ..
නුබේ කටහඩ 
අහන් ඉන්න
තවම මම ආසයි ...
මේ රෑ අහසේ සඳක් වී 
මට පේනවද?
හමා එන මැද සුළඟ වී නුබ එනවාද?
අම්මේ මගේ ළඟ තනියට?
මම තවම ආසයි
තුරලටම වී ඉන්න ... 

ප.ලි .:- ඈත රටකට වෙලා ඉද්දි, අම්මාව ගොඩක් මතක් වෙනවා, ළඟ ඉන්නවට වඩා වැඩියෙන් දැනෙනවා.. , එහෙම දැනෙද්දී , ඇස් දෙකෙන් නෙවෙයි , හිතෙන් මම අඩනවා..

Apr 16, 2012

එක්ව යනු බැ


කදුළු පිනි කැට නෙතින් ගලනා
දමා තනිකර දිව යයි ඈතින් ඈතට මා
වස්සානය තව දුරයි , එක්ව යනු බැ
රිදුම් දෙන ආදරේ කරමින් වත්තම්

පෙම් බදිමි මා අප හමු වුන මේ ගිම්හානයට
සුවද මෙයමයි අපේ ආදරේ
නොදුටුව වස්සානය සොයා යනු බැ
ගිනියමින් වේලෙන සුසුමත් මද පවනක්ව දැනෙනා කලේ .

කතරේ දිලෙනා කඳුළු පිනි මල්
නෙලා සිප ගනු බැරි ..
සමුගනිමු අපි මේ කඳුළු තොටුපලේ
යලි යලිත් හමු නොවන පෙම්වතුන් සේ ..



photo : http://www,loveparadiseforyou.com/romantic-love-letters-i-love-you/goodbye-my-love-letters

Apr 3, 2012

කැළණිපුර නුතන ගැමුණුවත


අර පෙන්නේ
විහාරය ...
ඊට අල්ලපු වැටේ
ගහපියව් .. බෝඩ් එක
'විකිනීමට ඇත ..සුරූපී ලඳුන්'
දැන් ඉතින්
උපාසකයෝ .. පෝලිමට ඇදෙවී
ඊට පොඩියක් එහායින්
විකුනපියව්
'රට බීම' කලවමට අපේ එව්වත් එක්ක..
පන්සලට යන්න කලියෙන්
හිත හදාගෙනම යන්න ..
පන්සලෙන් එනකොටත්
පින් කරපු සතුටට බොන්න ..
බය නැතුව
විකුනපිය ..කුඩු ටිකත් ....
මතක තියාගෙන
ගණන් බේරපිය . හවසට ...
මොකට බය වෙන්නේ ..
පස් වහන් දහසකට බුදු වන්න ..
අපේ මහ රජ ..
රෙද්ද පල්ලේ නොව ..තියන් ඉන්නේ මාව ..
ගහපියව් .. මර පියව් ...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ .
එකෙක් හරි
හෙල්ලුවොත් කට
අම්මපා .. බඳිනවා ගස් ..
අහන්නෙම නැතිනම්
ගිනි පිබින හැටි දන්නවා , මම
මගේ ලයිසොන් තුවක්කුවෙන් ..
බය වෙන්නේ මොකට..
එක වරක් වැන්දොතින්
ඇති නොවැ ..
කරපු පව් හේදෙන්න ...

Mar 28, 2012

වයිමාගේ දුක් ගැනවිල්ල



අවසරයි 
පියාණන්වහන්ස ...
සිත දවා හළු කරන 
බොහෝ දේ නිසාවෙන් 
මහත් වූ චිත්ත පිඩා විදිමි මෙ මම 
විසදලනු මැනවි .. ලබන්නට ඇහැක මට අස්වසිලක් ..
මනු ලෝකේ 
සමගි පුර රජ කරන ..
ආඩම්බරකාර මහ රජගේ ..
ඇමැත්තෙක් වෙයි... නමින් බන්දුල ...
හැමදාම දිනන පැත්තේ ..
දින්නත් .. පැරදුනත් .....
හිත ගනු බැරිය .. කෙසේ වම් එලෙස ...
නිතර දොඩන්නේ ..ආචාරියෙකු කියා 
උගන්වන  ' ආර්ථිකය ''..
අහෝ පුදුමයකි.. පියතුමනි ..
මු උගන්වන කිසිත් නංවනු 
බැරි සැටියකි ක්‍රියාවට ....
අපේ විමනේටත් ඉහල .. උන්ගේ දේසේ ..බඩු මිල ..
වයිමා උන මටද බැරිය  හෙලන්ට පහත
පුන පුනා මු කිව්වේ .. මහා උජාරුවට ...
සමගි පුර පොඩි උන් 
විභාගයට ලිවූ කලට .. 
ලැබෙන්නේ ප්‍රථිපල සක්වලෙත් නැති..
අනුහසින් නොවේද ..මේ මහා බල ඇති බන්දුලගේ ..
අනේ ඒ පුර වැසියනට
ඇහැකි බව පන කෙන්ද අමුණ ගන්නට 
උන්ගේ කාසි 7500 න් .. එකෙක් නොව ..
තුන් දෙනෙක්ටම ..
සොයා ගත්තෙත් .. බන්දුලම නොවැ..
මුඛයෙන් විතරක් නොවැ අධෝ මුඛයෙනුත් 
කතා කරන මු....
තව කරයි බොහෝ දේ .. මට කරන්නට නොහැකි ..
අනේ පියාණෙනි ..
මට කියනු මැන
කවුද නුබේ හැබෑ පුතුණුවන් 
වයිමා වන මම නොවේ බන්දුලද????

Mar 26, 2012

නිලියෙකුට පෙම් ... කලෙමි ...




ඉගිමරන දෙනෙත් යුග ..
පාමුල
නිරුත්තරව බල උන්නෙමි ...
දොඩමළුව ... විටක ..
නිහඩ නිසලව .. තව විටෙක....
ඇසුරු සැනකින් ....
මහා සුළගක්ව ...සුනු විසුනු කරන ..
සිතා ගනු බැරිව ...
අතරමං වී ..වැතිර උන්නෙමි...
නුරාගික දෙතොල් මත .....
පතිත වී ආදරෙන් ..
සිප ගන්න .. පෙරුම් පිරුවෙමි..
නුඹට බැඳී හදවත ...
කලබවයි මා ...
අහිංසකව කොදුරන ..
වදන් ...
දෝංකාර දෙයි.. හදවතේ පතුලටම බැස...
මුමුනමින් ..පෙම් වදන් ...
රිද්මයට ... පා තබන ...
සොදුරු ලාලිත්‍ය ...
තිරය මත .. දිග හැරුන සොදුරු
ආදර සිත්තමක...
සිහින කුමරා
මම වුනෙමි...
නිළියකට ... පෙම් බැන්ද ....
ආදරෙන් මුස පත්ව ...
උන්න දෙපැය අවසන්ව ...
නැගිට එමි....
නිළියකට ..පෙම් බැන්ද..
රිදුන හිත... සමග මම ...

Mar 20, 2012

෴ජොකා සහ මම ෴


පුංචි එකා සන්දියේ....
නිච්චියක් තිබුනේ නෑ නොවැ...
නුඹව..
නිදහසේ සුව වින්ද
අපුරුව ...
නොනවතින කාලය ...
රැගෙන ගිය හැටි මා වයසට ...
වෙනස් කල හැටි මගේ සිතුවිලි ..
ඇසුරු සැනකින් .. මා දමා දුවන මගේ
හිත ..වලංගු නැති කලෙක
මටම ..
පැතුව හැටි නුඹව ...
විටක මහා වදයක්ව ...
තව විටක ..
වලකාලුව හැටි ..
වන්නට ගිය මහා විපත් ....
උබ කොහොම
පෙම් කලත් මට ...
ලෙන්ගතු වුනත් මෙමට
මගේ ගුණ මකු කමට
මට අවැසි උබෙන් තොර මොහොතක් ..
විදින්නට ..
පුංචි එකා කල වින්ද නිදහස...
විතරක්ම නොව . ..
තව බොහෝ ... දේ ...
ඉතින්
මොහොතකට මට
ඉඩ දියන් ..
ඉන්න මගේ පාඩුවේ .. නිදහසේ... ..

Mar 15, 2012

ලඟදීම නොහොත් Coming Soon...



(ඉදිරියේදී පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශනය කිරීමේ කටයුතු සුදානම් කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක පවසයි. - පුවතක්)









දැන් ඉතින්
කටවල් ඇරගෙන 
බලා ඉදපල්ලා ...
වීරයෝ .,
බණ දෙසන ., ධාර්මිකයෝ .,
උගත් ., විද්වත් .,මහත්තුරු
බොලද ලාමක .,නිලි පරාන ..,
පැන්ෂන් ගිය කොටි...,
ආචාර්යවරු ... මහාචාර්යවරු ...,
දුටුගැමුණු මහරජගේ ...,
පරම්පරාවේ ... අලුත්ම පුරුකුත් ..
අනාගත රජ වරු ... 
දුෂ්ඨයෝ ...
මදි නොකියන්න ... දේශප්‍රේමි 
ඊට වැඩියෙන් ...දේශ ද්‍රෝහීන් ...
තොග ගණන් .. ජෝකර්ලා
එක පොදියට ... එක පොරයට ..
ගහ මරා ගන්න හැටි...
උබලා නිසා ....


බලලා අඬපල්ලා....
එපා ...
හිනාවෙයල්ල ... උබලටම