Jul 21, 2012

ආයෙමත් වතාවක් හමු නොවේවි අපි..

ආයෙමත් වතාවක් 
හමු නොවේවි අපි..
ආයෙමත් වතාවක් ..
ඔබේ ළඟ දැවටිලා .. හිනාවකින් හිත පුරවාගෙන 
සැනසෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
තොර තෝංචියක් නැතිව ..
හිතුමතේ දොඩවන්න ..
මොහොතකට නැවතිලා .. ඇස් දෙකට එබිකම් කරන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
ආදරේ වැඩි කමට රිදුන හිත ... කාටත් හොරෙන් කඳුළු කැටවලින් 
තෙමන්න ..
ඒ කඳුළු කැට හංගලා .. ආයෙමත් හිනාවෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවේවි අපි ..
කියා ගන්න බැරි වෙච්චි .. කතාවක ඉතිරි ටික 
කියා දෙන්න .. 
ආයෙමත් වතාවක් . හමු නොවේවි අපි ,
ඉතින් මට ආදරෙන් සමු දෙන්න ..
ආයෙමත් වතාවක් .. හමු නොවන්නට 
නික්ම යන්නට .. මතකය 
විතරක්ක්ම ඉතිරි කොට ...

Jun 12, 2012

'මගේ රස්සාවට , අත නොතබනු !!!'


ඉඳපල්ලකෝ...
මේ 
පිඩිත , නිර්ධන පන්තියේ 
ඉඳන්
කොහොම හරි සුළු ධනේශ්වර 
වෙලා 
ඊටත් පස්සේ 
ධනේශ්වර වුන දවසක 
උඹලා .. හැමෝටම 
'රිටර්න්' එක දෙනවමයි ..
එතකම් 
මම කියන්නේ මෙච්චරයි 
'මගේ රස්සාවට , අත නොතබනු'

May 23, 2012

අනේ අම්මපා ඉන්න බැරි හැටි ගෑනුන්ට ....

සංවේදී නායකයෝ ...
ආඩම්බරකාර තාත්තලා ...
දුටුගැමුණු පර පුරක 
නෂ්ටාවශේෂ වෙච්චි 
ඇමැත්තෝත් ..
දැහැමින් - සෙමින් 
රට කොරන කල ..
පැවිද්දන්..
සිවුර එලලා බිමට
මහවාසලෙන්..
දන් කුඩ  .සිඟාගෙන ...
මනරම් බණ දෙසන කොට ..
දේශප්‍රේමී .. සැදැහැවත් 
දෙවිවරු වැඩ ඉන්න රට ..
අනේ අම්මපා 
ඉන්න බැරි හැටි ගෑනුන්ට 
පති වත 
නොබිදගෙන ....

ප.ලි.  - 23/05/2012 දින ජාතික පුවත් පතක් වූ දිවයින පුවත් පතේ අන්තර්ජාල පිටපතේ පළවූ පුවත් ශිර්ෂ පාඨයන් කීපයකි , අප කොතරම් වාසනා වන්තයින්දැයි කියතොත් ශිර්ෂ පාඨ 5 ම අපරාධ පිලිබඳවය , අති විශේෂිතම දේනම් 4/5 ම ස්ත්‍රී දුෂණ වීමය.  මා දන්නා තරමින් ආශ්චර්යමත් මගේ රටේ පිරිමින් අතින් මෙවැනි දේ සිදු විය නොහැක, ගැහැනුන් විසින්ම මෙවැනි දේ කොට ලෝකයා ඉදිරියේ අපි මහත් වූ තිරිසන් ජාතියක් කියා පෙන්වන්නට උත්සහා ගන්නවා විය හැක. නොඅනුමානවම ඔවුනට ඒ සඳහා ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර අධිරාජ්ජ්‍යවාදීන් ඩොලර් මලු පිටින් ගෙවනු ඇත.

May 17, 2012

නුබෙන් වෙන් වූ ... දින සිටම

පෙර දවස ...
නුඹ නිසා ,
නු වෙනුවෙන් 
නුට විතරක්ම 
සදාකාලිකව  ආදරේ 
කරන බව .. දිවුරා සපථ කල මම 
නුබෙන් වෙන් වූ 
දින සිටම 
ඇයට
ඇය වෙනුවෙන් 
ඇයට විතරක්ම 
සදාකාලිකව ආදරේ කරන 
බව දිවුරා සපථ කරන්නෙමි...
අහෝ ..
නොනවතින ප්‍රේමයක .. මහත!!!






image sources before edit:

May 12, 2012

ආදරේ නාමයෙන් ..., එපා යලි හමුවන්න ..


ආදරේ නාමයෙන් .. ඔබ රැගෙන එන්නේ 
කඳුළු විතරක් නම්...
එපා යලි හමුවන්න ..
ළඟ ඉඳන් තනි රකිවී ..
මගේ හිතේ සුසුම් පොදි..
අද වගේම හැමදාම 

ගලා යන ජිවිතේ ..
ඉව්රු වෙමු අපි දෙදෙන..
ඈතින් ඉඳන් .. පෙම් කරන ..
නමුදු .. කිසි දිනක එක් නොවෙන ...
දැනේවි එවිට 
ගලා යන ජීවිතයක මිහිර ...

ආදරේ නාමයෙන් .. ඔබ තිලින කල 
කඳුළු මල් කළඹ ...
පරවී ගියාදෙන් ...
මතු දිනෙක .. යලි මල් පිපේවි 
ආදරේ නාමයෙන් ...



May 7, 2012

සමා වෙන්න බුදු හිමියනි ..

අනේ බුදු හිමියනි,
සමා වුව මැනවි..
තෙල් , මල් , අරන් ආවත් 
පන්සලට ..
හිතේ තවමත් සද්ධාවක් නම් නෑ..
මයේ හිතේ.
වෙසක් දවසේ ..
පන්සලට විත් .
බොහොම බැතියෙන් 
මල් පූජා කරන්න .. 
ගෙදර උන්දැත් එක්ක ...
බලන් හිටියා මම.
එත් ඊයේ රෑ ........
ආයෙමත් මුන් ගැහුවනෙ .. අපේ බඩට ..
අනේ අම්මපා .. හෙනම ගහපන් ඕකුන්ට ...
ඇත්තමයි අහු වුනොත් ඕකුන්ව 
මරා ගෙන මැරෙනවා ..
අනේ 
සමා වෙන්න බුදු හිමියනි ..
කොහොමද හිත වාවන්නේ 
දැනෙනවා  නොව 
මටත්  බඩගින්න ..
ඊට වැඩියෙන් දෙනෙනවා නොව
මට මගේ 
පොඩි උන්ගේ බඩගින්න ...


Original image: http://www.sethskim.com/2010/02/22/cognitive-dissonance/man-thinking/

May 2, 2012

මැයි දිනේ අපේ නොවේ!!!!

බත් පැකට් එකයි ..
රුපියල් දෙසීයයි ...
වටිනවනේ බොල....
ඉතින් වර යන්න ...
මැයි දිනේ සමරන්න ...
මන්ත්‍රීතුමත් එක්ක .. කොළඹ 


ප. ලි. :- කම්කරු දිනේ නොහොත් මැයි දිනේ කා සඳහාද? කව්රුන් නිසාද? යන්න වර්තමානයේ නිර්වචනය කිරීම අපහසුය, මක්නිසාදයත් මැයි දිනයේ බුහුමන් ලබන්නේ කම්කරුවා නොව වෙනකෙකුය, මැයි දිනේ ඇසෙන්නේ කම්කරුවගේ හඬ නොව, ගිගුම් දෙන්නේ වෙනකෙකුගේ හඬ පමණය , කොටින්ම මැයි දිනයේත් කම්කරුවා කරන්නේ අනුන් වෙනුවෙන් වැඩ කිරීම පමණි .


image : http://www.marxistbooks.com/product.php?productid=17569&cat=250&bestseller=Y