Feb 10, 2012

මට ජීවිතය කියල දුන්නේ මගේ අයියා  , එයා දවසක් මට මෙහෙම කිව්වා ....

'අපි හැමෝම වේගයෙන් දුවනවා, හිතන්නේ නෑ, කල්පනා කරන්නේ නෑ, එහෙම දුවලා දුවලා හති වැටුන දවසක මැරෙන්න මොහොතකට කලින් හරි අපි නවතිනවා ..., එදාට අපි කරපු සමහර දේවල් වලින් ඉතිරි වුන පසුතැවීම විතරක් අපිව හොයා ගෙන එනවා ... එකෙන් ගැලවිලා අපිට දුවන්න බැහැ ........'

එත්
මම දුවනවා,
තවම දුවනවා,
සමහර
වෙලාවට මට අයියා  කියපු
දේ ආයෙමත් මතක් වෙනවා,
මම මේ දුවන එක නැවතුන දවසකට මට මගේ අයියා  ව එක සැරයක් හරි මතක් වෙන බව මම දන්නවා ....
එත්
තවම මම දුවනවා .. ... ... ..

2 comments:

  1. Run forrest... ruuuun......... (obath samaga tharu baluu obe yaluwa ;) )

    ReplyDelete
    Replies
    1. KOHOMA AMATHAKA WENNADA? GODAAKMA LANGA YALUWO NOWUNATH .. HAMADAAME MATHAKAYE INNA YALUWEK / HITHA HONDA MINIHEK ... SAMAN

      Delete