Feb 20, 2012

ටිකෙන් ටික .. අපි ආවද මේ තරම් දුර ......

මචන් , මොකෝ කරන්නේ.. BUSY ද? මේ උබ හෙට මොකද කරන්නේ , නිවාඩුනේ,
ඇයි හු....... හෙට පෝය... උබ පන්සල් යනවද? 
හි හි හි ....... විහිළුවක් බන් කලේ,,,
මොකද කියන්නේ හෙට සෙට් වෙමු .... ,
හරි හරි බන් .. ඒවා වහපුදෙන් .. අපි ළඟ බඩු STOCK , මේ වරෙන් අපේ දිහා .. අරුනුත් එනවා කිව්වා ... ,
BITE ඔක්කොම හරි, උබලට ඕන මොන devel ද අපේ වයිපරේට කියල හදවල තියන්නම් ....
මේ මට අමතක උනා doca ට බොන්න බියර් ගන්න පුලුවන්න්ද උබට ... මතක් කරලා හවසට අරන් තියා ගනින් ....
එහෙනම් හරිනේ ... වෙලාවට වරෙන් ...
අඩෝ එක නෙවෙයි ..
උබ අරුගේ song එක ඇහුවද ... අරුගේ බන්..
ගයාන් ගේ.. ටිකෙන් ටික ද මොන ..... ද කියලා ..
මමත් හරියටම ඇහුවේ නෑ බන් ... FB එකේ දැක්කා ..
අඩෝ ඌ කොහොමද බන් එහෙම කරන්නේ.. ,
.........ව එල්ලන්න ඕන.. ඇයි බන් මේක බෞද්ධ රටක් නේ ....
ඌ කොහොමද එහෙම කරන්නේ කැ .........,..
හරි හරි බන් ... හෙට සෙට් වෙමු ....
ඔන්න මතක ඇතුව අරුට බොන්න බියර් අරන් වරෙන්...


අදම ගනින් .. හෙට පෝය නිසා බඩු නෑ ....


(මේ ටික කියවල ... මට බනින්න එපා, මම සිංහල බෞද්ධයාට අපහස කළා කියල, මගේ තුන් හිතකවත් එහෙම නෑ... එත් සමහර විට තිත්ත ඇත්තයි ... ඇත්ත තිත්තයි .....)

8 comments:

  1. හික් හික් මේක තමා ඇත්ත.....හක්කේ දඩ මස්...බොක්කේ බුදු ‍රැස්....

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් ... මම ලියන ඒවත් කියවන්න එකෙක් හිටිය ..., මගේ බ්ලොග් එකේ මංගල comment එක දැම්මේ ඔබ, සිංහලෙන් තැන්ක් යු !!!! , හිතට ලොකු සතුටක් දැනෙනවා......,

      Delete
  2. මගෙ පෝස්ට් එකේ කොමෙන්ට් එක දැකල කව්ද කියල බලන්න ආවෙ.

    මේ පෝස්ට් එක විතරයි කියෙව්වෙ. අල්ලල ගියා මරු.

    මං ඕන් ෆොලෝ පාරකුත් දැම්ම. මං කියවන බ්ලොග් ලිස්ට් එකටත් ඇතුල් කරන්නං

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න කොමෙන්ට් දාන්න ලේසි වෙන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබා අයියේ (මම හිතන්නේ අනිත් උන් මාමා කියන්නේ ඊරිසියාවට), බ්ලොග් එකට අලුතෙන් කෙනෙක් ආවහම තියෙන සතුට කියල වැඩක් නැ

      Delete
  3. (මම හිතන්නේ අනිත් උන් මාමා කියන්නේ ඊරිසියාවට)

    Heh...heh...I am nearly 59 years young....

    ReplyDelete
  4. අපිත් හැමදාම මෙහෙ විසිට් ඒකක් දානවා‍‍

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ!!! , එහෙම තමා ඉන්න ඕන...

      Delete
  5. මිනිසුන් ආගම වෙනුවෙන් වාද කරති, සටන් කරති, ජීවිතය පූජා කරති. නොකරන්නේ ආගමට අනුව ජිවත් වීම පමණි

    ReplyDelete