Apr 16, 2012

එක්ව යනු බැ


කදුළු පිනි කැට නෙතින් ගලනා
දමා තනිකර දිව යයි ඈතින් ඈතට මා
වස්සානය තව දුරයි , එක්ව යනු බැ
රිදුම් දෙන ආදරේ කරමින් වත්තම්

පෙම් බදිමි මා අප හමු වුන මේ ගිම්හානයට
සුවද මෙයමයි අපේ ආදරේ
නොදුටුව වස්සානය සොයා යනු බැ
ගිනියමින් වේලෙන සුසුමත් මද පවනක්ව දැනෙනා කලේ .

කතරේ දිලෙනා කඳුළු පිනි මල්
නෙලා සිප ගනු බැරි ..
සමුගනිමු අපි මේ කඳුළු තොටුපලේ
යලි යලිත් හමු නොවන පෙම්වතුන් සේ ..



photo : http://www,loveparadiseforyou.com/romantic-love-letters-i-love-you/goodbye-my-love-letters

2 comments:

  1. Replies
    1. කවදත් රජතුමා අපිට සපෝර්ට් එක දෙනවනේ, .. මෙන්න රජවරු ..

      Delete