Apr 3, 2012

කැළණිපුර නුතන ගැමුණුවත


අර පෙන්නේ
විහාරය ...
ඊට අල්ලපු වැටේ
ගහපියව් .. බෝඩ් එක
'විකිනීමට ඇත ..සුරූපී ලඳුන්'
දැන් ඉතින්
උපාසකයෝ .. පෝලිමට ඇදෙවී
ඊට පොඩියක් එහායින්
විකුනපියව්
'රට බීම' කලවමට අපේ එව්වත් එක්ක..
පන්සලට යන්න කලියෙන්
හිත හදාගෙනම යන්න ..
පන්සලෙන් එනකොටත්
පින් කරපු සතුටට බොන්න ..
බය නැතුව
විකුනපිය ..කුඩු ටිකත් ....
මතක තියාගෙන
ගණන් බේරපිය . හවසට ...
මොකට බය වෙන්නේ ..
පස් වහන් දහසකට බුදු වන්න ..
අපේ මහ රජ ..
රෙද්ද පල්ලේ නොව ..තියන් ඉන්නේ මාව ..
ගහපියව් .. මර පියව් ...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ .
එකෙක් හරි
හෙල්ලුවොත් කට
අම්මපා .. බඳිනවා ගස් ..
අහන්නෙම නැතිනම්
ගිනි පිබින හැටි දන්නවා , මම
මගේ ලයිසොන් තුවක්කුවෙන් ..
බය වෙන්නේ මොකට..
එක වරක් වැන්දොතින්
ඇති නොවැ ..
කරපු පව් හේදෙන්න ...

7 comments:

  1. දැන් ඔය සෙල්ලම් දාන්න බැහැ බන් ඕකාට ගෝඨාබය ඉන්නකං.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒක ඒ විදියට දකින්නේ නෑ, මේ වෙන කොට මර්වින් කැලණියේ අකර්මන්‍ය වෙලා ඉන්නේ, එත් මේ කියන ජාවාරම් ලෙසටම තවම යනවනේ, ඒ කියන්නේ උනුත් එකයි. නීතිය ක්‍රියාත්මක විය යුතු අයුරු තීරණය කල යුත්තේ ගෝඨාභය මහතා නොවෙයි.

      Delete
  2. ලෙසටම ලියා ඇත. ඔබට මාගේ ප්‍රණාමය..

    ReplyDelete
    Replies
    1. පස් වහන් දහසකට තැනක් යු!!!

      Delete
  3. WARNING DENNE EKA PAARAYI!!!!

    ReplyDelete
    Replies
    1. මේවා දැකලා හිනා .. හිනා ...

      Delete
  4. ආශ්චර්යයේ දොරකඩ දැන් ඉන්නේ :D

    ReplyDelete