May 23, 2012

අනේ අම්මපා ඉන්න බැරි හැටි ගෑනුන්ට ....

සංවේදී නායකයෝ ...
ආඩම්බරකාර තාත්තලා ...
දුටුගැමුණු පර පුරක 
නෂ්ටාවශේෂ වෙච්චි 
ඇමැත්තෝත් ..
දැහැමින් - සෙමින් 
රට කොරන කල ..
පැවිද්දන්..
සිවුර එලලා බිමට
මහවාසලෙන්..
දන් කුඩ  .සිඟාගෙන ...
මනරම් බණ දෙසන කොට ..
දේශප්‍රේමී .. සැදැහැවත් 
දෙවිවරු වැඩ ඉන්න රට ..
අනේ අම්මපා 
ඉන්න බැරි හැටි ගෑනුන්ට 
පති වත 
නොබිදගෙන ....

ප.ලි.  - 23/05/2012 දින ජාතික පුවත් පතක් වූ දිවයින පුවත් පතේ අන්තර්ජාල පිටපතේ පළවූ පුවත් ශිර්ෂ පාඨයන් කීපයකි , අප කොතරම් වාසනා වන්තයින්දැයි කියතොත් ශිර්ෂ පාඨ 5 ම අපරාධ පිලිබඳවය , අති විශේෂිතම දේනම් 4/5 ම ස්ත්‍රී දුෂණ වීමය.  මා දන්නා තරමින් ආශ්චර්යමත් මගේ රටේ පිරිමින් අතින් මෙවැනි දේ සිදු විය නොහැක, ගැහැනුන් විසින්ම මෙවැනි දේ කොට ලෝකයා ඉදිරියේ අපි මහත් වූ තිරිසන් ජාතියක් කියා පෙන්වන්නට උත්සහා ගන්නවා විය හැක. නොඅනුමානවම ඔවුනට ඒ සඳහා ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර අධිරාජ්ජ්‍යවාදීන් ඩොලර් මලු පිටින් ගෙවනු ඇත.

17 comments:

  1. ඔව්.ඔව් ශුවර් එකටම ගෙවල කරන දේවල් තමා මේවා....:D:D

    ReplyDelete
    Replies
    1. කරලා ගෙව්වත් එකයි , ගෙවලා කෙරුවත් එකයි, අන්තිමේදී බලද්දී ගෙවිලා තියෙයි :)

      Delete
  2. මෙච්චර නිව්ස් තියෙන රටේ ඒවම පත්තරවල දාන්නත් හේතුවක් ඇති. කුණු රස නිසා පත්තර වැඩියෙන් විකිනෙනවා ඇති

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් එක ඇත්ත, එත් කුණු වැඩ වැඩියෙන් වෙන නිසා නේද? වැඩියෙන් කුණු නිවුස් පල වෙන්නේ?

      Delete
  3. //අනේ අම්මපා ඉන්න බැරි හැටි ගෑනුන්ට//
    මෙව්වා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ..........

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට, මුකුත් කියාගන්න බැරි වුනාම ගල වෙන්න තියෙන හොඳම උත්තරයක් ' මේවා ඔක්කොම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ' අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි

      Delete
  4. මං හිතන්නෙත් ඕවා උලුප්පලා පෙන්වන්නේ පත්තර විකුණගන්න

    ReplyDelete
    Replies
    1. නිශාන් .. පත්තර විකුණා ගන්න වුනත් මේවගේ නිවුස් ඕන තරම් හොයාගන්න / මේ වගේ දේවල් සාමාන්‍ය වීම ගැන හිතෙන්නේ මොනවගේ දෙයක්ද? මම දැනට පදිංචි රටේ මේ වගේ දෙයක් වුනත් යන්නේ මුල් පිටුවේ, මොකද එක ඒ තරමට මිනිස්සුන්ව කලබවන නිවුස් එකක්, එත් ලංකාවේ මේ වගේ දුෂණ නිවුස් අහල අහලම සාමාන්‍ය දේවල් බවට පත් වෙලා,

      Delete
  5. මේ දේ සිද්ධ වෙන එක ගැන වෙනම කතිකාවක් තියනවා. පහුගිය ටිකේම ඒවා බ්ලොග් වලත් ගියා. ඒකට ගොඩාක් දෙනෙක් වග කියන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, මේකට ගොඩක් ය වග කියන්න ඕන

      Delete
  6. හනේද කියන්නෙ....!!

    ReplyDelete
    Replies
    1. හනේද විතරක් නෙවෙයි, හනේ අපොයි කියලා තමයි කියන්න වෙන්නේ

      Delete
  7. ඔය තියෙන්නෙ ගිනි ගින්දර වගේ... ගහන්න ඕන තැනටම ගහලා :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජෝ ... ඔය කොයි රජවත් පත් කර ගත්තේ අපි වෙච්චි කොට, කියන්න ඕන දේ කියන්න බය වෙන්නේ මක්කෙයි!!!

      රජතුමා නැතුව අඃතපුරය පාලුවට ගිහින් ඇති :)

      Delete
  8. අදමයි මේ පැත්තත ආවෙ ..සුපිරි පෝස්ට් එකක්.. මරු අතුල් පහරක්

    ReplyDelete
  9. මෙච්චර බන කියන මෙච්චර බන අහන රටක මේවා වෙන එකටයි හිතට දුක. තමන්ගේ හොඳ අරමුණු නරක අරමුණු දෙවර්ගයම හොඳින් හෝ නරකින් ඉටුකර ගැනීම, අවලම් දේශපාලකයන්ගෙන් සමාජයට ලැබුණු දායාදයක්ද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  10. පිස්සුද මුවෝ ඕවා වැඩිවෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට හොදට කාලා බීලා ඉන්න පුලුවන් නිසා මතකද අර ලගදි කතාවකදි අගමැතිතුමා කිව්වේ කන්න බොන්න නැත්නම් කොහොමද ඕවා කරන්නේ ? හොදට ඇගපත හයිය හත්තිය තියෙන නිසානේ ඕවා කරන්නේ කියලා....

    ReplyDelete