Aug 31, 2012

ඔබෙන් සමු ගැනීම සදහා අවසර පතමි උතුමාණෙනි !!!



















මරණයේ 
දොරකඩට ගොස් ....
සිංහ පුතෙකුගේ එඩි පෙන්වා 
යලි පැමිණි නුබ 
රණ බිමේ..
කොල්ලෙනි 
'නොහැක්කක් නොමැත'
මහා හයියෙන් මොර දුන්න නුබ..
සතුරු බලමුළු 
සුනු විසුනු කොට ...
මවු බිමේ .... නාමයෙන් 
අණ දුන්න සොදුරුතම සෙන්පතියාණෙනි ...
සංග්‍රාම භුමියේ .. උරෙනුර ගැටී ..
එකා පිට එකා මැරුණත් 
අරමුණෙන් පිට නොයන හැටි 
කියා දුන් ... විරුවාණෙනි
කිසිදි කිසි විට .. පසු නොබැස ගිය නුබ 
නික්ම ගොස් ඇත .. ජීවිත බිමෙන්..
ඉඩ නොතියාම .. කිසිත් .. කියන්නට 
මව් බිමේ උරුමය වෙනුවෙන් 
අභිතව 
යුධ වැදුන නුබ 
මිහිදන්න්ව ඇත .. බොහෝ දුරකින් ..
'උතුමාණෙනි'
සමු ගැනීම සඳහා සියල්ල සම්පුර්ණයි'
ඔබෙන් සමු ගැනීම සදහා 
අවසර පතමි 
උතුමාණෙනි !!!!


ප.ලි. : - මේජර් ජෙනරාල් සමන්ත සුරියබණ්ඩාර, යනු ශ්‍රී ලංකා යුධ හමුදා කොමාන්ඩෝ බලකායේ සුවිශේෂිතම චරිතයක් විය, අවසන් මෙහෙයුම ආරම්භයේදී 53 වෙනි සේනාංකයට අණ දුන් එතුමා, අති දක්ෂ කොමාන්ඩෝ විරුවෙක් විය. 
දේශපාලන හේතුන් මත සේවා කාලය තවත් වසර 10 කට වඩා ඉතිරිව තිබියදී දඩුවම් විශ්‍රාම ගැන්වූ ඒතුමා, තම දිවි දෙවෙනි කොට රැකි මාතෘ භුමිය හැර ඕස්ට්‍රිලියාවේ පදිංචියට යාමට සිදු වුයේ , තමාට හිමි විශ්‍රාම වැටුම පවා නොලැබුන තත්වයක් මත වීම , සහ අඩුම තරමේ ඔහුද එක් වී රැක දුන් මව් බිමේ මිහිදන් වීම පවා අහිමි වීම. කොතරම් ශෝචනීයද???
උදේ හවස රණ විරුවන් ගැනම සිතන , රණ විරුවන් පුදන දේශයක සැබෑ රණ විරුවන් අකාලයේ දැයෙන් වෙන් කිරීම .. දේශ ප්‍රේමයද? 

11 comments:

  1. බෝභෝම ස්තුතියි ඔබේ මේ ඇගයීමට. මේ ආකාරයටම බලෙන් විශ්‍රාම ගැන්වූ තවත් නිලධාරීන් රැසක් ඉන්නවා. ජෙනරල් සුරියබණ්ඩාර කියන්නේ ලංකා යුද හමුදාවේ පළමුවැනි සොල්දාදුවා වූ (විශ්‍රාම ගියේ කපිතාන් කෙනෙක් ලෙස) සුරියබන්ඩාරගේ පුත්‍ර රත්නයයි. දේශපාලන මාෆියාවට හසුවූ ඔහුගේ අගය මෙවැනි ලිපි දහස් ගණනකින්වත් කියන්න බැහැ. ඔහු කැඩෙට් නිලධෛයකු ලෙස පුහුණුව අවසන් කලේ කණ්ඩායමේ පළමුවැනියා ලෙසයි. ලංකාවේ සිටි අති දක්ෂ පැරෂුට් පනින්නකු ලෙසද ඔහු හැඳින්විය හැකියි. මේ මහා සෙනෙවියාට කළ අපරාධයට හවුල්වූ සියලුම පවුකාරයින්ගේ පවුල් පිටින් වැනසෙනු අපට අපේ ජීවිතකාලය තුලදීම දකින්නට ලැබෙනු නොඅනුමානයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක - ස්තුතීයි ඔබේ අදහස් වලට , අපි ආදරේ කරපු මව් බිමෙන් දුර ඉඳන් ... වේදනාවෙන් ඒ දිහා බලන් ඉන්නවා ..

      Delete
  2. අපූරු පද ටික!

    ReplyDelete
    Replies
    1. හිරු හිමාවී - ඇත්තටම් මට ඕන වුනේ පද ටික අපුරු කරන්නවත් , ලස්සන නිර්මාණයක් එලි දක්වන්නවත් නෙවෙයි , මගේ හිතේ රැදුන වේදනාව කියන්නයි, ඔහු මගේ සැබෑ ජිවිතේදීත් මියෙන තුරා රැදුන වීරයෙක්, අපි හීන මැව්ව රටෙන් ඈත ඉඳගෙන .. රට දිහා බලාගෙන දුක් වෙන්න සිද්දවෙලා තියෙන්නේ අපි කරපු පවක් නිසා වෙන්න ඇති ..

      Delete
  3. ඉතාම කනගා‍ටුයි මේ සෙනෙවියාට කලගුන සලකපු හැටි ගැන.ලංකාවෙ ලක්බිම හැර කිසිම පත්තරයක ඔහුගේ මරනය ගැන කිසිම සඳහනක් නෑ.ලක්බිම ලිපිය ඔහුගේ නිවසේ තිබෙනවා.දිවයින පත්තරේ ආරක්ශක තොරතුරු සක්විති කියලා තමන්වම හඳුන්වාගන්න කෙනා ඇමරිකන් හමුදාවෙ කෙනෙක් මැරුන එක ගැන ලියලා තියනවා නමුත් මේ සෙනෙවියා ගැන වචනයක්වත් නෑ.එතුමාගෙ facebook පි‍ටුවෙ අවසන් කටයුතු ගැන ජායාරූප තියනවා.

    ReplyDelete
    Replies
    1. රණ බිමේදී මැරෙන හැමෝම වීරයෝ, එත් වේදනාව තියෙන්නේ අද වීරයෝ වෙලා තියෙන්නේ එදා අඩෝ වාතයක් සද්දෙන් පිට වුනත් කලන්තේ දාල වැටෙන බය ගුල්ලෝ. සැබෑ වීරයන්ව යටපත් කරලා

      Delete
  4. We the Sri Lankan ex-servicemen domicile in Australia has given the best possible last honours to this Hero!!!!!

    ReplyDelete
    Replies
    1. Thank you for your organisation behalf of Sri Lankans in Australia.You have done a great job to offer last honours for this great man.

      Delete
  5. අද කොහේද රණ විරුවෝ ඉන්නේ ? එහෙම අය ලංකාවෙ ඉන්නවද ? දැන් ඉන්නේ යුද්දයක් නිසා අඩු වයසින් අබ්බගාත වෙච්ච අසරණ කොල්ලෝ ටිකක් විතරයි. අපේ රටේ යුද්දේ දින්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනානේ.....!

    ReplyDelete
  6. දුමීගේ කට හොදටම කහනවා වගේ, එකනම් ඇත්ත , විශේෂයෙන් ආණ්ඩු පැත්තේ ඉන්න ඇමතියෝ මයික් එකක් දැක්කොත් කතාව පටන් ගන්නේ 30 වසරක් පවතී යුද්ධය නිමා කරලා අපි දැන් රට සීග්‍ර සංවර්ධනයකට ගෙන යමින් .....

    ReplyDelete
  7. කන්න ඕනේ කලට කබරයත් පෙන්නේ තල ගොය වගේලු සුදුස්සාට නෙවෙයි සුදුසු තැන දෙන්නේ අනේ මන්ද රටකට ගිය කලක්.

    ReplyDelete